මාවලස් මේරූන්ස් ඩුබායි ශූරතාව දිනයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Sep 12, 2022

මාවලස් මේරූන්ස් ඩුබායි ශූරතාව දිනයි

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ එම්.සී.සී. ක්‍රිකට් සමාජය සංවිධානය කළ ක්‍රිකට් ක්‍රීඩා සමාජ වාර්ෂික ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලාංකිකයන්ගෙන් සමන්විත මාවලස් මේරූන්ස් කණ්ඩායම සමත්විය. 

ඉන්දීය ජාතිකයන්ගෙන් සමන්විත ඩෙකෑන් ප්‍රෙඩේටර්ස් කණ්ඩායමට අනුශූරතාව හිමිවිය. අජ්මාන්හී එම්.සී.සී. ක්‍රිකට් සමාජය ක්‍රීඩාංගනයේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවති අවසන් මහා තරගයේදී මාවලස් මේරූන්ස් ක්‍රීඩකයෝ (167/2) කඩුලු 8 කින් ඩෙකෑන් ප්‍රෙඩේටර්ස් (166) කණ්ඩායම පරාජය කිරීමට සමත් වූහ. 
මාවලස් මේරූන්ස් පිලේ නායක සුරේෂ් සිල්වා තරගාවලියේ වීරයා ලෙසත්, ජොහාන් උදිත් දක්ෂතම පන්දු යවන්නා ලෙසත්, දක්ෂ පිතිහරඹයක යෙදෙමින් පන්දු 55 කින් ලකුණු 79 ක් රැස් කළ තරිඳු පත්තප්පෙරුම අවසන් මහා තරගයේ වීරයා ලෙසත් සම්මාන හිමිකර ගැනීමට සමත් වූහ. 

ශූරතාව දිනූ මාවලස් මේරූන්ස් කණ්ඩායමට සුරේෂ් සිල්වා (නායක), අමිල ශානුක රණසිංහ, අචින්ත විතරමල්ගේ, ශ්‍රීනාත් සමරරත්න, නිමේෂ තජුඩීන්, සමීර රණසිංහ, සෂේන් වීරසිංහ, කුෂාන් විජේවර්ධන, උදිත් දිසානායක, දිලුෂාන් ජයසංඛ, තරිඳු පත්තප්පෙරුම, යසිත සෙනෙවිරත්න, රජිත පෙරේරා, යොෂාන් ගුණසේකර, උසිත එදිරිවීර, ශාලික සේනානායක, විශ්ව දසන්ත සහ දිලාන් කුමාර යන ක්‍රීඩකයෝ ඇතුළත් වූහ. 

෴ යොහාන් භාසුර - ඩුබායි සිට

Classified_Ad