ජාවාරම්කරු ආපසු දී ක්‍රීඩිකාව මුදා ගැනෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Dec 10, 2022

ජාවාරම්කරු ආපසු දී ක්‍රීඩිකාව මුදා ගැනෙයි

වසර 12 කට වැඩි කාලයක් ඇමෙරිකාවේ සිරදඬුවම් විඳිමින් සිටි රුසියන් අවි ජාවාරම්කරු වික්ටෝර් බවුට් ආපසු රුසියාවට දී, රුසියන් අත්අඩංගුවේ පසුවුණු ඇමෙරිකන් පැසිපන්දු ක්‍රීඩිකා බ්‍රිට්නි ග්‍රයිනර් මුදා ගැනීමට ඇමෙරිකන් රජය සමත් විය.

තිස් දෙහැවිරිදි බ්‍රිට්නි ග්‍රයිනර්, ඇමෙරිකාවේ ජාතික පැසි පන්දු කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ක්‍රීඩිකාවකි. ඇය ඔලිම්පික් ශූරියක ද වෙයි. 

පසුගිය පෙබරවාරියේ, පෞද්ගලික සංචාරයක් සඳහා ග්‍රයිනර් රුසියාවට ගිය අවස්ථාවේදී ඇය රුසියන් පොලිස් අත්අඩංගුවට පත් වූවාය. ඒ, ඇය සතුව ‘කංසා තෙල්’ ළඟ තබා ගැනීමේ වරදටය. ඇමෙරිකාවේ ‘කංසා තෙල්’ නීතිගත වුවත්, රුසියාවේ තහනම්ය. 

ග්‍රයිනර්ට රුසියන් අධිකරණයක් සිරදඬුවම් නියම කෙරුණි. ග්‍රයිනර් මුදා ගැනීමේ අරමුණින් බයිඩන් පරිපාලනය මැදිහත් වී, රුසියාව සමඟ සාකච්ඡා පැවැත්වීය. රුසියාව, පැසිපන්දු ක්‍රීඩිකා ග්‍රයිනර් වෙනුවෙන් ඇමෙරිකන් බන්ධනාගාරයක වසර 12 ක සිරදඬුවම් විදින රුසියන් අවි ජාවාරම්කරු වික්ටෝර් බවුට් ඉල්ලා සිටියේය. 

සිරකරු හුවමාරුව සිදුවූය් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අබුඩාබි නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීය. 

ඇමෙරිකන් ඒජන්තවරුන් පෞද්ගලික ගුවන් යානයකින් වික්ටෝර් බවුට් ගෙනැවිත් රුසියන් ඒජන්තවරුන්ට බාර දුන් අතර, රුසියන් ඒජන්තවරුන් ග්‍රයිනර් ගෙනැවිත් ඇමෙරිකන් ඒජන්තවරුන්ට බාර දීම සිදුවිය. 

එම කටයුත්තේ දී එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති මොහොමද් බින් සයාද් අල් නහ්යාන් මෙන්ම සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් ද මැදිහත් වී කටයුතු කළ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසා තිබේ. 

රුසියානු ජාතිකයකු වන වික්ටෝර් බවුට් ලොව ප්‍රසිද්ධතම ගිනි අවි ජාවාරම්කරුය. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු බවුට් සිය ගිනි අවි ජාවාරම්වල නියැලුණේය. 2008 දී තායිලන්තයේ බැංකොක් නුවර හෝටලයක සිටිද්දී ආරක්ෂක අංශ බවුට් අත්අඩංගුවට ගැණුනු අතර පසුව ඇමෙරිකාවට උදර්පණය (භාරදීම) කෙරුණි.

෴ උපුටා ගැනීම - BBC

Classified_Ad