![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9mV6S3777XrUgtfCNqYyoFTO9pTXFa66agOEFWua7_Y0VVL2lAYQIgYuZE3ux7o0ElEyl17YvUKESZot_SCjm0abZDf9H-Nd6AHlDEr1yH3m8qRAgXi_C5efOc54YHhrZXIuzYn02Mjl-baC1B10IoZOt6RXX_2MAMhg2K9E4-Jw2LCKLne7cQo4lL98n/s16000/Bible-Rock-Sri-Lanka.jpg)
කඩුගන්නාව ප්‍රදේශය පසු කර, නුවර පාරේ ගමන් කරද්දී, ඈත නිම්නයේ පෙනෙන සුවිශේෂී හැඩැති පර්වතයකි. සුවිශේෂී හැඩැති මෙම පර්වතය බ්‍රිතාන්‍යයන් නම් කළේ ‘බයිබල් රොක්’ යනුවෙනි. සිංහලෙන් එය ‘බතලේ ගල’ නැතිනම් ‘බත්ලේ ගල’ ය.
දුර සිට බලද්දී ‘බත්ලේ ගල’ තරණය අසීරු බව පෙනුනත්, ඇත්තෙන්ම ‘බත්ලේ ගල’ තරණය අසීරු නොවෙයි. ‘බත්ලේ ගල’ පර්වතයේ උස මීටර් 797.7ක් යැයි මැනුම් සිතියමේ දක්වා ඇත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhV0i0kO4y-c4x8QEghnO_YqevX691mpw6hR5FS5y3pabU3HV933-fq-iyzivV31SGa2aKPaoa6m_PX5_7-7ffX1TlHIeCnE3o8WX72OSThmnuMjfsxz9DDqD82dJUkhw_z6GbRMFSY5rF_vfPLQO8l4s9qxH1EIPBZNorJshcWeR3CwFCRuOIYdCdbpEFG/s16000/357483776_10160453989079807_8257089692522034095_n.jpg)
පළල පාෂාණ පෘෂ්ඨය හරහා මීටර් 710 ක් පමණ විහිදෙයි. මතුපිට බොහෝ දුරට සමතලාය. තැනින් තැන කුඩා ගස් දැකිය හැකි නමුත් මුදුනේ බොහොමයක් ඇත්තේ උස තණ පඳුරුය. තණ පඳුරු මැද්දෙන් පියමං කිරීමට අඩි පාරකි. ලෙන් කීපයක් ද තැනින් තැන දකින්න ලැබේ.
‘බත්ලේ ගල’ පර්වතය මුදුනට යෑම හත්ගම්පොල නගරයෙන් ඇරැඹිය හැකිය. ‘බත්ලේ ගල’ පිහිටා ඇත්තේ අරණායක ආසන්නයේ ය. කොළඹ සිට පැමිණිය ද මහනුවරින් පැමිණිය ද මාවනැල්ලෙන් අරණායක පාරට හැරිය යුතුය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOVrS6Zyk2tbcAhqNWuXrYeJvcWc1_nHN7cPG5KkOE_32XlYlZNLFPYoZ5ijTFcqZxr8zbmKTV_ujpXE-pJeaxLqijl4RGw1AF_eGRKFvL61mMLUOH9mOwzBezQ3E0mVMO-1P7TFmg6pREEH823l5jDZfqy_zCBVqQlViSWTGKAa4zcwsDx-exjEJkG2Vr/s16000/347389873_10231691061607585_7171913458964536000_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgNIGN5ORtbz0S1Ce9vw6eZsKeNDMTUrBsYePRTUa8K9witgpwAOP5tEGCXAXb33gzo7QCEPt_NHDwRnrWSpyW1FHxpTeWWZDiZUmZZkUqYv234HD4fpt6ZWrk8z3Myii4BhpdbMlhe0TtPknXoeujCUIoMljubliL8zw9-dgdQbEnROqzM0wBGlKhcykdm/s16000/347430305_10231691060367554_5791866743352592603_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFN71wjb5BGiXM55_SXZVpyOa-KrDnCrBMtrdb0pNCOMm4L3gV57WUmMKZLfnK2iDYSugDTU4ihPBTnYE1DUCjDpJwLTy66a2-Zkg6WuHqHyVn5KnYgwlaWvV6A_TGLQBDWYTz6v65qwLVJQUUkLti-dhSK8bcTHDIprgU9ALJbBDKEz_dpBDGngQj14sI/s16000/347566940_10231691061807590_1351148074595837291_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSZx29AuYrwj_vMlJIVlfPMEF77GA-gAVx6Xog575RlQu8_QjbcQWll9Kvq_J3JGEH9zNuI4oxNJd7AGek5Wx6R-mmEudN-hSeeQR6dIezo7kB1nX2NLJI8-qJlVp8cdeh31lP4Mus3da-RXqGgbmGyRq4QaxrZi2XDJCNdLbLIwKQg45oQv-ajGz3fpaU/s16000/348589633_10231692914293901_5621456576760114399_n.jpg)
ගෙවිලිපිටිය තෙක් පාරේ ගොස් හන්දියෙන් දකුණට හැරී හත්ගම්පොළ නගරයට කිලෝමීටර් 2 ක් පමණ ගමන් කළ යුතුය. එතැන් සිට ‘බතලේගල පාරට’ යන සංඥා පුවරුව සහිත පටු මාර්ගයකට දකුණට හැරී ඉහළට යා යුතුය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibsPTJ9hFNi8gLHI92y-gXzpPRMVsbIKuJW5MGq_zr6fEwJuDwuEApmvxJWDpjCpuIKhkQ2QkGUybOYmDXp8-W3BdEJjICLXUNiWXZ2oQv7XzYfy85-s04QZ8IIXoo9CvI72Orq-KQ9lNR0R3GzlAfFelfC3_koorNP5kJi6r51rD9hnF4qla3MBdhFKcr/s16000/357712308_10160453993039807_7100350403220828745_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhK4M37lDIBkiPVYE2L72VHb1wWp2JyFqLwn_B0hnVAnKrfaXyhklZRelcUOifiT8q21wmRWMqxN3vo3aqvZM6ezYNIrvepGbqIYpu25y1O6D1iv1yeHB4UNMWMmV8q4T9b1QaA814rU1JRus47P0D-ABMTqrqjhWqHAxH0KVsqZ7C20egF50mmM3vaZpRA/s16000/357717086_10160453992309807_6669510375828808921_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgGLqE7dJ79soeoUfnv6LLfKdCXVrS2mRRhjWr_R20wPsm8jCD3dcDDIZqqfOshUBfESU5lY-WgQ8mW1KD2rBR48U0lgzdGVGQ0WohoF6HUiK1C4j0rG45cxUrQj5AeFgMjPl6Ouk2FA6sBo1EPwCUHKdR5QRAonGI9RGR5NTIuSGP9gOrdD-hvH7ggto6R/s16000/357726262_10160453993084807_6502687039532335419_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPQ0v4ucJOQuQEIFsv9X-tFBo4X8gF_s2Eparr2ujEeNDSV9v8mg6bR-wnMGdoL0mTqr0ijijDVXDHrtBS9WX1usuT9CHlCA_brzA6yUPtAvxe3_MqbZA3Kf5E43gi86vef3FpQlwBnHqGotqkrQpKjFCA1rt62wBvPlsPWlYxDj1YxEY2WrkUaGyzZnV_/s16000/357760065_10160453992494807_7856769701747780141_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4fHBG3uRMUv5EUNwKDIiOzz_KM9IfE1kZj7MTLECYLfFZ1z06r--8yKslzLnZfwS7dT4hulJyhwq6GNTG9fZgCfd38AdbSuV4azLKkPk-R4MjzipVdQNW1Gluu39Fp4gFx6w6Z-jiOS1-XFltZRq3bAdaupZQ5Ntkn12w3vjqWiivRDuGyH6OYjzXkP2m/s16000/358123245_10160453991959807_9013544279959417959_n.jpg)
ගල් පඩිපෙළ දිගේ ඉහළට නැගීමත් ආපසු බැසීමත් කළ යුතුය. පර්වත මුදුනට වනාන්තරය මැදින් යන ගමන සැබැවින්ම අපූරු අත්දැකීමකි. එය පැය දෙකක පමණ ගමනකි.
පර්වතයේ දකුණු කෙළවරේ කුඩා විහාරයකි. 1997 දී විවෘත කරන ලද එය අපවත් වන තුරුම භික්ෂූන් වහන්සේ නමක් මෙහි වැඩ වාසය කළ බව පැවැසෙයි. පසුව, විහාරස්ථානය අත්හැර දැමුණි. මේ වනවිට එම විහාරස්ථානයේ නවීකරණ කටයුතු සිදුවෙමින් පවතී.
වැසි දිනවලදී ‘බත්ලේ ගල’ තරණය තරමක් අපහසුය. හේතුව ගල් පඩි ලිස්සන සුළු බැවිනි. අකුණු සහිත වැසි පවතින්නේ නම්, පර්වත මුදුනේ සිටීම අනතුරුදායකය. මීදුමෙන් පර්වත මුදුන වැසී යයි.
‘බත්ලේ ගල’ පර්වත තරණයට සුදුසුම කාලය ජනවාරි සිට අප්‍රේල් දක්වා යැයි සංචාරකයන්ගේ අදහසය. විදෙස් සංචාරකයන්ගේ පවා ආකර්ශණයට ‘බත්ලේ ගල’ පර්වතය ලක් වී අවසන්ය.
සමනලුන් විශේෂ, ගස් ගෙම්බන්, රිළවුන් දකින්න ලැබේ. රිළවුන්ගෙන් සංචාරකයන්ට කරදර නැත.
‘බත්ලේ ගල’ පර්වතය සහ අවට වනාන්තර ප්‍රදේශයට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන්නේ මැයි සිට ජූලි තෙක් කාලයේය. හොඳින් පායන දිනෙක පර්වතය කරණයට යන්නේ නම් වතුර බෝතල් රැගෙන යෑම සුදුසුය.
දැඩි හිරු රෂ්මියෙන් ආරක්ෂා වීමට නම් තොප්පියක් පැලදීම සුදුසුය.
සැහැල්ලු ඇඳුම්වලින් සැරැසී යෑම ද විඩාව අවම කරනු ඇත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_2TWB6_7KXRIizpL2vmW5aWm5w93UswzvLVfGyrod21_bdH7eJJXBx42YlJq4yG4GivbU7PgWepGhO7gldsdDtTWiDFlZr8sHHPATm5WxHG3o-UoKOBdtkSHeJykSb3Qeu1waSL222dwePL0yP6oMc0vrya0nXHsOXvhuA7H-jaihoPywiG-2X5FId078/s16000/347566294_10231691059767539_1342406054587181552_n.jpg)
අවසන් වශයෙන් කිව යුතු වන්නේ, ‘බත්ලේ ගල’ පර්වතය සහ අවට ඒ නැවුම් සුන්දර වනාන්තර ප්‍රදේශය පොලිතීන්වලින් තොර තැනක් ලෙස තබා ගැනීමට ද වගබලාගත යුතුය.
෴ ලුසිත ජයමාන්න
Photo Credit - තනුජා කරුණාරත්න