ඉන්දු පාකිස්තාන ගැටුම අද - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 15, 2026

ඉන්දු පාකිස්තාන ගැටුම අද

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලොව කාගේත් අවධානය දිනා ගත් ඉන්දු - පාකිස්තාන තරගය සැලසුම් කළ පරිදිම අද (15) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. 

රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙය, මෙරට වෙලාවෙන් ප.ව. 7.00ට ආරම්භ වනු ඇත. එය, තරගාවලියේ 'A' කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත් වෙයි. 

ඉන්දු - පාකිස්තාන තරගය සැලසුම් කළ පරිදි විශේෂ වූ ආරක්ෂාවක් යටතේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවින් වික්‍රමරත්න මහතා පැහැදිලි කර ඇත. 

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරගය පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙවර මහත් ආන්දෝලනයක් මතුවුණේ දෙරටේ පවතින දේශපාලන අර්බුධ උග්‍රවීමත් සමඟය.

Classified_Ad