
අවුරුදු 15 දී ‘Chand Sa Roshan Chehra’ (2005) චිත්‍රපටයෙන් සිනමාවට පා තැබූ තමන්නා භාතියා, අද ඉන්දියානු සිනමාවේ නොමැකෙන සලකුණක් බව අමුතුවෙන් කිවයුතු නොවෙයි.
එම වසරේදීම ඇගේ පළමු තෙළිඟු චිත්‍රපටය වූ ‘Sree’ ද තිරගත විය. පසුගිය කාල වකවානුව පුරා ඇය ජනප්‍රිය වූයේ රංගනයෙන් පමණක් නොවෙයි. ‘Achacho’, ‘Aaj Ki Raat’, ‘Gafoor’ සහ ‘Kaavaala’ වැනි චිත්‍රපට ගීත හරහා ද ඇය අතිශය ජනප්‍රිය වී සිටී.

තමන්නා යනු රිදී තිරයට පමණක් සීමා වූ චරිතයක් නොවන බව සනාථ කරමින් ඇය මේ වන විට සාර්ථක ව්‍යවසායිකාවක ලෙසද පෙරමුණට පැමිණ ඇත.
2026 දී ඇය එදිනෙදා භාවිත කළ හැකි සුඛෝපභෝගී ආභරණ සන්නාමයක් වන 'Tamannaah Fine Jewellery' නිල වශයෙන් වෙළඳපොළට හඳුන්වා දුන්නාය. ‘Forbes’ සඟරාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී, ඇය ධනය උපයන්නකු ලෙස තමන් සතු සුවිශේෂී ව්‍යාපාරික දර්ශනය සහ දැක්ම පිළිබඳව අදහස් දක්වා තිබුණි.


ධනය රැස් කිරීම සම්බන්ධයෙන් තමන්නා සතු අදහස සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගිය එකකි. 'මා තේරුම් ගත් එකම දෙය නම්, අප මෙලොවින් සමුගන්නා විට මේ කිසිවක් අරන් යන්නේ නැහැ. රූපයෙන් වැඩක් නැහැ. ප්‍රසිද්ධියෙන් හෝ මුදල්වලින් වැඩක් නැහැ. මා රංගනයේ යෙදෙන්නේ ව්‍යාපාර කටයුතුවල යෙදෙන්නේ මම ඒවාට ආදරේ නිසයි. මා සන්නාම අනන්‍යතාවයක් ගොඩ නගන්න සැමවිටම මහන්සි වෙනවා.' යැයි තමන්නා කියයි.



ඕනෑම මුදල් ප්‍රමාණයකට යම් සීමිත උපයෝගීතාවයක් පවතින බව ද තමන්නා පැහැදිලි කරයි. මුදල්වලින් පමණක් යම් සීමාවකින් එහාට කිසිවක් කළ නොහැකි බව විශ්වාස කරන තමන්නා, ව්‍යාපාරයක් පුළුල් කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි.
ඇයට අනුව, ව්‍යාපාරයක් විශාල ලෙස ව්‍යාප්ත නොකිරීම එම සන්නාමයේ දැක්මට කරන අසාධාරණයකි. "මට ඕනෑ වැඩි පිරිසක් වෙත ළඟා වෙමින් සමාජීය බලපෑමක් ඇති කරන්නයි. එය මට සතුටක්. යම් දැක්මක් ඇතිව කටයුතු කරන විට ධනය ඉබේම ගලා එනවා. එමෙන්ම ව්‍යාපාරය ගොඩනගන අතරතුරදීම සමාජයට පෙරළා යමක් ලබා දීම මා අගය කරනවා" යැයි ඇය පවසයි.

වාර්තා අනුව තමන්නා භාතියාගේ වර්තමාන ශුද්ධ වත්කම ඉන්දීය රුපියල් කෝටි 100 ඉක්මවයි. ඇය මුම්බායි නුවර අති සුඛෝපභෝගී, මුහුදට මුහුණලා පිහිටි නිවසක ජීවත් වෙයි.තෙළිඟු, දෙමළ සහ හින්දි යන සිනමාවේ එකසේ දස්කම් දැක්වූ තමන්නා මේ වන විට චිත්‍රපට 90 කට ආසන්න සංඛ්‍යාවකට දායක වී ඇත. ඇය වඩාත්ම ප්‍රසිද්ධියට පත් වූයේ ‘Baahubali’, ‘Oopiri’ , ‘Lust Stories 2’ සහ ‘Aranmanai 4’ වැනි චිත්‍රපට හරහාය.


ඊට අමතරව ඇය ‘Jee Karda’, ‘Do You Wanna Partner’ සහ ‘Aakhiri Sach’ වැනි ජනප්‍රිය OTT (Over-the-top) නාලිකා ඔස්සේ විකාශය වූ කතාමාලාවන් හිද ප්‍රධාන භූමිකාවන් හොබවා ඇත.
ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, ඇයගේ රංගන දායකත්වයට සහ ව්‍යාපාරවලට අමතරව, විවිධ වාණිජ වෙළඳ නාම ප්‍රවර්ධන කටයුතු (Brand Endorsements) ද ඇයගේ ස්ථාවර ආදායම් මාර්ගයන් ලෙස කැපී පොනෙයි.
NDTV