හිපෝ පැටියාගේ නම Momo - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Oct 3, 2026

හිපෝ පැටියාගේ නම Momo

දෙහිවල ජාතික සත්වෝද්‍යානයට අලුතින් එක් වුණු නයිල් හිපපොටේමස් පැටියාට නිල වශයෙන් නම් තැබීමට සත්වෝද්‍යාන බලධාරීහු කටයුතු කළහ. මෙරට උපන් මෙම හිපෝ පැටියාගේ නම ‘මෝමෝ’ (Momo) යැයි පැවැසෙයි. 

දිවයිනේ නන් දෙසින් දරුවන් විසින් ඉදිරිපත් කරන ලද නම් 1,000 කට වැඩි ගණනක් අතරින් ‘මෝමෝ’ නම තෝරා ගැනීම විශේෂත්වයකි. ලෝක ළමා දිනය වෙනුවෙන් ඔක්තෝබර් 1 වන දින සත්ව උද්‍යානයේ පැවති විශේෂ උත්සවයකදී නම් තැබීම සිදුවිය.

Classified_Ad