සංචාරකයන්ට නිල වශයෙන් රට විවෘත කරන්න සූදානම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 2, 2021

සංචාරකයන්ට නිල වශයෙන් රට විවෘත කරන්න සූදානම්

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජනවාරි මස අග වන විට ගුවන්තොටුපල සහ රට සංචාරකයින්ට නිල වශයෙන් විවෘත කිරීමට සියලු කටයුතු සුදානම් කරමින් පවතින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (31) පැවසීය. 

එම දිනය ඉතා කඩිනමින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

රජය සංචාරකයින් ගෙන්වා ගැනීමේ තීරණයට එලඹියේ ඉතා ප්‍රවේශමෙන් සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව බවද කී සංචාරක අමාත්‍යවරයා ඒ සම්බන්ධ නියමු  ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය දැඩි නිරීක්ෂණයකට ලක් කොට ගුවන්තොටුපල නිල වශයෙන් වානිජ ගුවන් ගමන් සදහා විවෘත කිරීම සිදු කරන බවද වැඩිදුරටත් කියා සිටියේය. 

සංචාරකයන් දිවයිනට ගෙන්වීම සහ ගුවන්තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් සංචාරක ව්‍යාපාරයේ නිරත ආයතන සහ සංවිධාන සමග සංචාරක අමාත්‍ය කාර්යාලයේදි ඊයේ (31) පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සදහන් කළේය. 

පැමිණෙන සංචාරකයින් අතර කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වුවහොත්, ඔහු සම්බන්ධයෙන් ගත යුතු සියලු පියවර සෞඛ්‍ය මාර්ගෝපදේශ මගින් අදාල සංචාරය සංවිධානය කරන්නන්ට හා හෝටල් වලට ලබා දී ඇති බවත් ඔවුන් එය නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ දැයි සෞඛ්‍ය බලධාරීන් සහ සංචාරක සංවර්ධන අධිකාරිය දැඩි අධීක්ෂණයකට ලක් කර ඇති බවත් ඇමතිවරයා සදහන් කළේය.

වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිද වැටීම නිසා ලක්ෂ 30 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවත්,  ලෝකයේ බොහෝ රටවල් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරක කර්මාන්තය ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

මෙම සාකච්ඡාවට එක්වූ හෝටල් හිමියන්ගේ සංගමය, සංචාරක සංවිධානය කරන සංගම් අමාත්‍යවරයා හමුවේ පෙන්වා දුන්නේ පවතින තත්වය තුල සංචාරක කර්මාන්තය යලි ආරම්භ කිරීම සදහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය සහය පළ කරන බවය. 

හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා මෙහිදි සදහන් කලේ මෙම නියාමන ව්‍යාපෘතිය පවතින තත්වය තුල සංචාරක කර්මාන්තය ආරම්භ කිරීම සදහා හොද පූර්වාදර්ශයක් සපයනු ඇති බවය.

Classified_Ad

Classified_Ad_News_Bottom