නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා පෙලෝසි
පෙලෝසි, ජනපති ට්‍රම්ප්ගේ දෙවැනියා මෙන්ම වත්මන් උප ජනාධිපතිවරයා ද වන මයික් පෙන්ස් ලවා 25 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව කටයුතු කිරීමට සූදානම් වූවාය.
ඇමෙරිකන් ජනාධිපතිවරයාට, සිය ධුරයේ කටයුතු කිරීමට නොහැකි නම්, ඇමෙරිකාවේ 25 වැනි සංශෝධනයට යටතේ, බලය පවරා ගැනීමට උප ජනාධිපතිවරයාට හැකියාව ඇත.
ඒ සඳහා කැබිනට් සාමාජිකයන් අට දෙනකුගේ ද සහාය හිමිවිය යුතුය.
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී එය අත්පත් කර ගැනීමට ජනපති ට්‍රම්ප්, සිය ආධාරකරුවන් උසි ගැන්වීමේ සිදුවීම මුල්කොට ගනිමින්, කොංග්‍රස් මණ්ඩලයේ ඩිමොක්‍රටික් නායකයන් එක් වී, වත්මන් උප ජනාධිපති මයික් පෙන්ස්ගෙන් ඉල්ලීමක් කළේ ට්‍රම්ප්ගේ මානසික මට්ටම අවුල් වී ඇති බැවින් 25 වැනි සංශෝධනයට අනුව බලය අත්පත් කර ගන්නා ලෙසය.
ට්‍රම්ප් සහ මයික් පෙන්ස්පෙන්ස් එසේ කිරීමට අකමැත්ත පළ කළේය.
25 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ට්‍රම්ප් ඉවත් කිරීමට නොහැකි වූ අවස්ථාවේදී, ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ද පෙලෝසි සූදානම් වූවාය.
කෙසේ නමුත් ට්‍රම්ප් පරාජය බාරගත් බැවින් දේශපාලනික අර්බුදය අවසන් විය. ඇමෙරිකාවේ මේ අයුරින් දේශපාලනික ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වූ පළමු අවස්ථාව මෙයයි.
(ඒ.එෆ්.පී.)