අල් ජසීරා මාධ්‍යවේදියා නිදහස් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 7, 2021

අල් ජසීරා මාධ්‍යවේදියා නිදහස්

කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර, නඩු විභාගයකින් ද තොරව, සිව් වසරක් ඊජිප්තුවේ සිරකරුවකු වූ 'අල් ජසීරා' පුවත් සේවයේ මාධ්‍යවේදී මොහොමද් හුසේන්ට නිදහස හිමිවිය. 

මොහොමද් හුසේන්ට ඊජිප්තු ජාතිකයෙකි. ඊජිප්තු පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ඔහු සිරගත කෙරුණේ 2016 දීය. 

 තම මාධ්‍යවේදී හුසේන් ට ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදීම හේතුවෙන් මෙසේ සිර දඩුවම් නියම වුණු බවත්, ඔහුට නිදහස ලැබීම සම්බන්ධයෙන් තමන් සතුටට පත් වන බවත් අල් ජසීරා පුවත් නාලිකාව පවසා තිබේ. 

2016 දී කටාර් රාජ්‍යය සහ සෞදිය අතර අර්බුදයක් නිර්මාණය විය. ඒ, කටාරය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වනවා යැයි චෝදනා එල්ල කරමිනි. 

කටාරය ඉරානය සමඟ සමීප සබ‍ඳතා පැවැත්වීම සෞදියේ උදහසට ලක් වී තිබුණි. 

සෞදිය කටාරයට සම්බාධක පනවමින්, සෞදිය සමඟ සබඳතා නවතා දැමීය. සෞදියට සහාය දක්වමින්, ඊජිප්තුව, බහරේනය සහ එක්සත් අරාබි ඒමීර් රාජ්‍යය ද කටාරය සමඟ සබඳතා නැවැත්වීය. 

සම්බාධක ඉවත් කිරීමට සෞදිය ප්‍රමුඛ මෙම රටවල් කොන්දේසි ඉදිරිපත් කළේය. එයින් එකක් වූයේ කටාරයේ අල් ජසීරා පුවත් නාළිකාව තහනම් කිරීමය. 

කටාරය ඊට කිසිසේත් එකඟ නොවිණි. 

ඊජිප්තුවේ කයිරෝ නුවර අල් ජසීරා මාධ්‍යවේදියා වූ මොහොමද් හුසේන් අත්අඩංගුවට ගැනීම සහ චෝදනා හෝ නඩු විභාග නොමැතිව ඔහු සිරගත කිරීම සිදුවූයේ ඒ අනුවය. 

අද වනවිට සියලු එදිරිවාදිකම් පසෙකලා කොන්දේසි විරහිතව සෞදිය, බහරේනය සහ එක්සත් අරාබි ඒමීර් රාජ්‍යය කටාරය සමඟ යළි සබඳතා ආරම්භ කර තිබේ. 

මොහොමද් හුසේන්ට නිදහස හිමිවූයේ ද ඒ අනුවය. මොහොමද් හුසේන්ට නිදහස් කළ බවට ඊජිප්තුව කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නැත. 

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom