යේමන යුද්ධයට ඇමෙරිකාව නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 5, 2021

යේමන යුද්ධයට ඇමෙරිකාව නෑ

යේමනයේ ෂියා මුස්ලිම් හවුති සන්නද්ධ කැරැලිකරුවෝ

යේමන යුදධයෙන් ඇමෙරිකාව ඉවත් කර ගන්නා බවත්, යේමන යුද්ධය මුල්කොට ගනිමින් සෞදියට සහාය ලබා දීමෙන් වැලැකී සිටින බවත්, මින් ඉදිරියට යේමන සරණාගතයන්ට ඇමෙරිකාව විවෘත වනු ඇති බවත්, ඇමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 

ධුරයෙන් සමුගත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් රටවල් 7 ක වැසියන්ට ඇමෙරිකාවට පැමිණීම වළක්වමින් තහංචි පනවා තිබුණු අතර, බයිඩන් ජනාධිපති ධුරය බාරගත් සැණින් කළේ එම තහංචි ඉවත් කිරීමය. 

යේමනය ද එම රටවල් 7 ට ඇතුළත් විය. 

යේමන යුද්ධයෙන් ඇමෙරිකාව ඉවත් වීමට ගත් තීරණය සම්බන්ධයෙන්, ප්‍රතිචාර දක්වමින් සෞදි අරාබිය පවසා ඇත්තේ, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ තීරණයට ගරු කරන බවත් යේමන යුද්ධය අවසන් කිරීමට දේශපාලනික විසඳුමක් කරා යොමු වීමට තමන් තීරණය කළ බවය. 

යේමන අර්බුදය ආරම්භ වූයේ 2011 සහ 2012 වසරවලදීය. ඒ, සෞදි හිතවාදී යේමන රජය, එරට ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන් පෙරළා දැමීමට උත්සාහ ගැනීමත් සමඟය. 

ෂියා මුස්ලිම් කැරැලිකරුවන්ට එරෙහිව සෞදිය ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර එල්ල කිරීම ආරම්භ වූයේ ඉන්පසුවය.

යේමන සිවිල් වැසියෝ ලක්ෂ ගණනකට උන් හිටිතැන් අහිමි වෙද්දී දහස් ගණනකට ජීවිත අහිමි විය. 

ඇමෙරිකාව සෘජුව යේමන අර්බුදයට සම්බන්ධ නොවුනත්, ඇමෙරිකන් බුද්ධි අංශ උපදෙස්, අවි ආයුද සහ කුලී හේවායන්ගේ සහාය ඇමෙරිකාව සෞදියට ලබා දෙන්න විය. 

බයිඩන්ට පෙර ධුරයේ කටයුතු කළ ඩොනල්ඩ් ට්‍රම්ප්, යේමන අර්බුදයේ දී සෞදියට දිගින් දිගටම සහාය දැක්වීය. 

ධුරයෙන් ඉවත් වන අවසන් මොහොතේ පවා ජනාධිපති ට්‍රම්ප් යේමනයේ හවුති කැරැලිකරුවන් ත්‍රස්තවාදීන් ලෙස ද නම් කළ අතර, ඔවුන්ට සම්බාධක පැනැවීම් පවා සිදු කළේය. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom