ගිවිසුම් කිහිපයකට අත්සන් තබයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 23, 2021

ගිවිසුම් කිහිපයකට අත්සන් තබයි

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ දෙදින නිල සංචාරයේදී දෙරට අතර සහයෝගීතාව වැඩි කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයකට අස්සන් තැබීමට නියමිතව ඇත. 

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දැනටමත් නිදහස් වෙළෙඳ ගිවිසුමක් පවතින අතර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ දී වෙළෙඳාම සහ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇතැයි වාර්තා වේ. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයක් මත අද (23) දිවයිනට පැමිණෙන පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ හෙට (24) පැවැත්වෙන වෙළෙඳ හා ආයෝජන සමුළුවට ද සහභාගී වීමට නියමිතය. 

ඉම්රාන් ඛාන් මහතාගේ සංචාරයේදී වෙළෙඳාම සහ ආයෝජනය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, විද්‍යාව සහ තාක්ෂණය, ආරක්ෂාව, සංස්කෘතික සහ සංචාරක යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. 

ඊට අමතරව මෙම සංචාරයේ දී කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය. 

ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2018 වසරේ දී වන අතර හෙතෙම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙය වේ. 

 පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමඟ එරට විදේශ කටයුතු අමාත්‍ය මක්දූම් ෂා මෙහමූඩ් කුරේෂි, වාණිජ කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක අබ්දුල් රසාක් ඩාවූඩ්, විදේශ කටයුතු ලේකම් සොහෙයිල් මෙහමූඩ් මහත්වරුන් සහ පාකිස්තාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වීමට නියමිතය. 

 පාකිස්තාන අග්‍රාමාත්‍යවරයකු අවසන් වරට මෙරට සංචාරය කළේ ඉකුත් 2016 වසරේදීය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාවක් අනුව එවකට පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා මෙරට සංචාරයක නිරත විය. 

පාකිස්තානය යනු යුද සමයේ දී ශ්‍රී ලංකාවට ආයුධමය වශයෙන් සහාය දුන් ප්‍රමුඛ රටකි.

ඊට අමතරව පාකිස්තානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරවලදී ශ්‍රී ලංකාවට සහාය දෙමින් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ රටකි.

Classified_Ad

Classified_Ad_News_Bottom