මියන්මාර හමුදාවට විරෝධයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 11, 2021

මියන්මාර හමුදාවට විරෝධයක්

නායිකා අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ පක්ෂ මූලස්ථානයට කඩා වැදී හමුදාව එල්ල කළ ප්‍රහාරය, තමන් තරයේ හෙළා දකින බව ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය ඇතුළු බටහිර රටවල් රැසක් පවසා තිබේ. 

ඇමෙරිකාව මියන්මාර හමුදා පාලකයන්ට යළි අනතුරු ඇඟවීමක් කර ඇත්තේ මියන්මාර නායිකා අවුන් සාන් සූ කී ප්‍රමුඛ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී ලීග නායකයන් නිදහස් නොකරන්නේ නම්, මියන්මාරයට එරෙහිව යළි සම්බාධක පැනැවීමට කටයුතු කරන බවය.

මියන්මාර සොල්දාදුවන් යැංගොං නුවර පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ පක්ෂ මූලස්ථාන කාර්යලය වටලා ඊට බලහත්කාරයෙන් කඩා වැදුණේ පසුගිය 9 වැනිදා රාත්‍රියේය. හමුදාව කාර්යාලයට කඩා වැදී එහි සියලු දේ විනාශ කළ බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය පළමුවෙන් නිවේදනය කළේ ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම හරහාය. 

මේ වනවිට මියන්මාර හමුදාව එරට අන්තර් ජාල සේවා අඩ වශයෙන් ආරම්භ කර තිබේ. මහා බ්‍රිතාන්‍යය පවසා ඇත්තේ මියන්මාර හමුදා පාලකයන් නායිකා අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය ‘මර්දනය’ ආරම්භ කර ඇති බවය. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom