පාකිස්තාන ගුවනේ කරණම් ගැසූ අපේ පැරෂූට් විරුවෝ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 30, 2021

පාකිස්තාන ගුවනේ කරණම් ගැසූ අපේ පැරෂූට් විරුවෝ

පාකිස්තානයේ ජාතික දින උත්සවය වෙනුවෙන් යුද හමුදාවේ පැරශුට් කණ්ඩායමක් ඉස්ලාමාබාද් නුවරදී පසුගියදා පැරෂුට් සංදර්ශනයක් ඉදිරිපත් කළ බව යුද හමුදාව පවසයි. පාකිස්තානු ජාතික දින උත්සවයට ශ්‍රී ලංකාවේ පැරෂුට් කණ්ඩායමට ආරාධනා කළ දෙවැනි අවස්ථාව මෙය විය. 

 පසුගිය වසරේ ඒ සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් සාමාජිකයන් තිදෙනකු ඉදිරිපත් ව සිටි බව හමුදාව කියයි. මෙවර පාකිස්තාන ජාතික දින උත්සවය ඉකුත් (25) දින පැවැත්වූ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ද ප්‍රධාන ආරාධිත අමුත්තෙකු වශයෙන් සහභාගි විය. 

මෙවර ශ්‍රී ලංකා යුධ හමුදා පැරිෂුට් කණ්ඩායම නියෝජනය කරමින් යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සාමාජිකයන් සිව්දෙනකු සහ විශේෂ බලකායේ බලකායේ සාමාජිකයන් දෙදෙනකු මෙම සංදර්ශනය සඳහා ඉදිරිපත්ව සිටි බවද හමුදාව සඳහන් කරයි. 

 පාකිස්තාන යුද හමුදාපතිවරයා ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාගෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම පැරෂුට් කණ්ඩායම මෙරට දී සංදර්ශනය ඉදිරිපත් කර තිබිණි. මෙම කණ්ඩායම ට පැරෂුට් පැන්නුම් වාර 500ට ප්‍රමාණයක් සිදු කළ දක්ෂ පැරිෂුට් ශූරයන් සහභාගි කළ බවද යුද හමුදාව පවසයි. 

මේජර් නිශාන්ත අධිකාරි (කමාන්ඩෝ) මේජර් සම්පත් පුෂ්පකුමාර ( විශේෂ බලකාය), මේජර් ලක්සිරි හේරත් (කමාන්ඩෝ), මාණ්ඩලික සැරයන් ජනක බණ්ඩාර, (කමාන්ඩෝ), කෝප්‍රල් වරණකුලසූරිය ජයසූරිය (කමාන්ඩෝ), යන නිලධාරීහු මේ සඳහා සහභාගි වී සිටියහ. මොවුන් අඩි 10,000 අහසේ සිට අලංකාර සංදර්ශනයක නිරත වූ බව ද යුද හමුදාව කියයි. මෙම උත්සවයට ශ්‍රී ලංකාවට අමතරව බහරේන්, ඉරාකය, පලස්තීනය, තුර්කිය යන රටවල් වල පැරෂුට් කණ්ඩායම් සංදර්ශන ඉදිරිපත් කළ බවද බව ද යුද හමුදාව වැඩිදුරටත් පවසයි. 

සටහන - ඉන්දිකා රාමනායක
උපුටා ගැනීම - ලංකාදීප මැදපෙරදිග

Classified_Ad

Classified_Ad_News_Bottom