ආක්ෂේ කුමර්ටත් කොරෝනා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 5, 2021

ආක්ෂේ කුමර්ටත් කොරෝනා

බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමාර්, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. තමන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව සමාජ මාධ්‍ය ඔස්සේ ආක්ෂේ කියා සිටියේ ඊයේ (4) ය. 

‘මා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වුණා. වෛද්‍ය උපදෙස් මත මා නිවසේ නිරෝධායනය වී සිටිනවා. පසුගිය දිනවල මා ඇසුරු කළ සැමට කොරෝනා පරීක්ෂණවලට යොමු වෙන්නැයි මා ඉල්ලීමක් කරනවා’ යැයි 53 හැවිරිදි ආක්ෂේ පවසා ඇත. 

මේ වනවිට බොලිවුඩ් නළු නිළියන් රැසකට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී තිබේ. පසුගිය සතියේ බොලිවුඩ් සුරූපිනී ආලියා බාත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු විය. 

අද (5) වනවිට ඉන්දියාවෙන් දෛනික කොරෝනා ආසාදිතයන් ලක්ෂයකට වඩා වාර්තා වීමට පටන් ගෙන තිබේ. ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂය ඉක්මවූ පළමු අවස්ථාව මෙයයි. 

මීට පෙර, දෛනික කොරෝනා ආසාදිතයන් ලක්ෂයට වඩා වාර්තා වූ රට ඇමෙරිකාවය. මේ වනවිට ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ගණන මිලියන 12.59 පසු කළේය.අද වාර්තා වූ දෛනික ආසාදිතයන් ගණන 103,558 ක් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

පසුගිය සැප්තැම්බරයේ සිට මෙම 2021 ජනවාරි දක්වා ඉන්දියාවෙන් දෛනිකව ආසාදිතයෝ 90,000 ත් 98,000 ත් අතර වාර්තා විය. 

කෙසේ නමුත් ජනවාරි වනවිට එය 10,000 තෙක් අඩු විය. හිටිහැටියේ ආසාදිතයන් අඩුවීම සම්බන්ධයෙන් ඉන්දීය සෞඛ්‍ය අංශ මවිතය පළ කරන්න විය. ආසාදිතයන් අඩු වුවත්, ඉන්දීය සෞඛ්‍ය අංශ ආසාදිතයන් සෙවීමට සිදු කළ පීසීආර් පරීක්ෂණ අඩු කළේ නොකළ බව පැවැසෙයි. 

පසුගිය මාර්තු අවසන් වෙද්දී, ආසාදිතයන් යළිත් ඉහළ යෑමට පටන් ගත් අතර, දෛනික ආසාදිතයන් ලක්ෂය පසු කර තිබේ. කොරෝනා ආසාදිතයන් අතින් ලොව පළමු සහ දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකාව සහ බ්‍රසීලයයි. ඉන්දියාව ඇත්තේ තෙවැනි ස්ථානයේය. 

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom