
බොලිවුඩ් සුරූපිනී ආලියා බාත් කොරෝනා ආසාදියකු බව තහවුරු වී තිබේ.
‘මා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වුණා. ඒ නිසා මා වෛද්‍ය උපදෙස් මත ස්වයං නිරෝධායනයට යොමු වෙනවා’ යැයි 28 හැවිරිදි ආලියා ඉස්ටග්‍රෑම් හරහා ඒ බව දැනුම් දී තිබේ.
ආලියා පසුගිය දිනවල සන්ජේ ලීලා බන්සාලිගේ ‘ගංජුබායි කතියාවාදී’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගී වූවාය.
අධ්‍යක්ෂ සන්ජේ ලීලා බන්සාලි ද පසුගිය මාර්තුවේ කොරෝනා ආසාදිතයකු බව තහවුරු විය. ‘ගංජුබායි කතියාවාදී’ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වූයේ ඔහු සුවය ලැබීමෙන් පසුවය.
ආලියාගේ පෙම්වතා මෙන්ම, ජනප්‍රිය බොලිවුඩ් නළුවකු ද වන රන්බීර් කපූර් ද පසුගිය මාර්තු මාසයේ ‘කොවිඩ් 19’ ආසාදිතයකු විය.
එම අවස්ථාවේදී ආලියා පීසීආර් පරීක්ෂණයකට යොමු වුණු අතර එහිදී ඇය ආසාදිතයකු නොවන බව තහවුරු විය.
NDTV