
තායිවාන මගී දුම්රියක් උමං මාර්ගයක් තුළ පීලි පැනීමට ලක් වීමෙන් 36 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
තුවාල ලැබූ ගණන 76 කි. අනතුරට ලක් වෙද්දී, දුම්රියේ 350 කට වැඩි පිරිසක් සිට ඇත. ඒ අතර තායිවානයට ආ සංචාරකයෝ ද වෙති.
දුම්රිය උමං මාර්ගයට පිවිසෙද්දී, එය දුම්රිය මාර්ගය අසල නවතා තිබූ නඩත්තු කටයුතුවලට යොදා ගන්නා ට්‍රක් රථයක ගැටී මෙම අනතුර සිදුවුණු බව පැවැසෙයි.
තුවාල ලැබූන්ගෙන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පීලී පැනීමත් සමඟ දුම්රිය මැදිරි දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී උමඟ තුළ සිරවුණු බවත්, දුම්රිය මැදිරි තුළ සිරවුණු පිරිස් මුදා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමටස සිදුවිණි.
දුම්රිය තායිපේ අගනුවර සිට ටයිටුඅංග් නමැති නගරය බලා ධාවනය වෙමින් තිබියදී අනතුරට ලක්වුණු බව තායිවාන මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබේ.
දශක 4 කට පසු තායිවානයේ සිදුවුණු දරුණුතම දුම්රිය අනතුර ලෙස මෙය සැලකෙයි. තායිවානයේ මීට පෙර මෙවැනි දුම්රිය අනතුරක් සිදුවූයේ 1981 වසරේදීය. එම අනතුරින් මියගිය ගණන 30 කි.
AFP