දකුණු අප්‍රිකා විකෘතිය අඩපණ කරන්න ෆයිසර්ට පුළුවන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 12, 2021

දකුණු අප්‍රිකා විකෘතිය අඩපණ කරන්න ෆයිසර්ට පුළුවන්

දකුණු අප්‍රිකාවෙන් හමුවුණු ‘කොවිඩ් 19’ කොරෝනා විකෘතිය අඩපණ කිරීමට ‘ෆයිසර් බයෝඇන්ටෙක්’ එන්නතට හැකියාව ඇතැයි ඊශ්‍රායල විද්‍යාඥයෝ පවසති. 

ඊශ්‍රායලයේ ටෙල් අවීව් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ මෙසේ පවසා ඇත්තේ ‘ෆයිසර් බයෝඇන්ටෙක්’ එන්නත සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කරමිනි.

‘ෆයිසර්’ යනු ඇමෙරිකන් ඖෂධ නිෂ්පාදන සමාගමක් වන අතර, ඔවුන් ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වැළැක්වීමට ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවූයේ ජර්මනියේ ‘බයෝ ඇන්ටෙක්’ සමාගම සමඟ එක් වෙමිනි. 

මාත්‍රා දෙකකින් සමන්විත ‘ෆයිසර්’ එන්න, සියයට 95 කට වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. ඊශ්‍රායලයට එරට වැසියන්ට ලබා දෙන්නේ ‘ෆයිසර්’ එන්නත්ය. 

දකුණු අප්‍රිකාවෙන් පළමුවෙන් හමුවුණු විකෘති වයිරස ප්‍රභේදය මේ වනවිට රටවල් රැසකට ව්‍යාප්ත වී ඇත. මෙම විකෘතිය සාමාන්‍ය කොරෝනා වයිරසය මෙන් නොව, ඉතා වේගයෙන් පැතිරෙයි. එය සාමාන්‍ය කොරෝනා වයිරසයට වඩා මාරකය. විද්‍යාඥයන් මෙම විකෘති ප්‍රභේදය නම් කර ඇත්තේ ‘බී1.351’ යනුවෙනි.

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom