පාප්තුමන්ගේ පාස්කු දේව මෙහෙය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 4, 2021

පාප්තුමන්ගේ පාස්කු දේව මෙහෙය

පාස්කු දින විශේෂ දේව මෙහෙය, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්විණි. 

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන්, සෞඛ්‍ය අංශ ඉදිරිපත් කළ මාර්ගෝපදේශ අනුව දේව මෙහෙය පැවැත්විණි. ඒ මේ වනවිටත් ඉතාලියේ යළි කොරෝනා ආසාදිතයන් වැඩි වීමට පටන් ගැනීම හේතුවෙන් සෞඛ්‍ය අංශ ලොක්ඩවුන් තහංචි පනවා ඇති බැවිනි.

දේව මෙහෙයට සහභාගී කරවා ගැණුනේ 200 දෙනකු පමණි. 

කෙසේ නමුත් පාස්කු දින විශේෂ දේව මෙහෙය සජීවීව ලොව පුරා විකාශය කිරීමට කටයුතු යොදා තිබුණු අතර මිලියන ගණනක් කතෝලික බැතිමත්හු රූපවාහිනියෙන් සහ අන්තර් ජාලයෙන් ඊට සහභාගී වූහ. 

'කොවිඩ් 19' වසංගතය හමුවේ පීඩාවට පත් දිළිදු රටවල වැසියන්ට පිහිට වීමටත්, එන්නත් එම රටවලට බෙදා දීම ධනවත් රටවල යුතුකම සහ වගකීම බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ අවධාරණය කළහ. 

ඩේලිමේල්

Classified_Ad