
විශේෂිත අධි ශීතකරණ අවශ්‍ය නොවන, සාමාන්‍ය අධිශීතකරණයක ගබඩා කර තැබිය හැකි 'ෆයිසර්' එන්නතක් නිපදවීම සිදු කරන බව ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම පවසයි.
මේ වනවිට සියයට 95 කට වඩා සාර්තකත්වයක් පෙන්වන කොරෝනා ආසාදනය වළක්වන එන්නත ලෙස සැලකෙන්නේත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය පූර්ණ වශයෙන් ලැබී ඇත්තේත් මෙම 'ෆයිසර්' එන්නතටය.
'ෆයිසර්' සමාගම, 'ෆයිසර්' එන්නත නිපදවා ඇත්තේ ජර්මනියේ 'බයෝ ඇන්ටෙක්' සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමිනි. ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට ලබා දී ඇත්තේ ද මෙම 'ෆයිසර්' එන්නතය. 'ෆයිසර්' එන්නත සම්බන්ධයෙන් රුධිර කැටි ගැසීමක් සිදුවන්නේ ද නැත.
ගැටලුවකට ඇත්තේ 'ෆයිසර්' එන්නත ගබඩා කිරීමට සෙල්සියස් අංශක රින 70 ට වඩා අඩු උෂ්ණත්වයක් අවශ්‍ය වීමය. එහෙයින්, සාමාන්‍ය රෝහල්වල ඇති අධිශීතකරණවල මෙම 'ෆයිසර්' එන්නත් ගබඩා කර තබා ගැනීමට නොහැකිය.
'ෆයිසර්' ප්‍රධානී ඇල්බර්ට් බොවුලා පවසා ඇත්තේ, සාමාන්‍ය අධිශීතකරණවල ගබඩා කළ හැකි ආකාරයට 'ෆයිසර්' අලුත් එන්නතක් නිපදවීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවය.
'ෆයිසර්' එන්නත ඕනෑම කොරෝනා විකෘතියක් මර්දනය කිරීමට සමත් බවත්, ඒ සඳහා මාත්‍රා දෙකකින් සමන්විත එන්නත මාත්‍රා තුනක් ලෙස ලබා ගැනීම කළ යුතු බවත් 'ෆයිසර්' සමාගම පෙන්වා දී ඇත.
රොයිටර්