
තමාට හා බිරිඳට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව විපක්ෂනායක, සජිත් ප්‍රේමදාස මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත.
සජිත් ප්‍රේමදාස මහාතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මිය රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර, එහිදී PCR පරීක්ෂණයක දී ඇයට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.
මේ හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහාතා ද PCR පරීක්ෂණයකට යොමු කෙරුණි. සජිත් ප්‍රේමදාස මහාතා ආසාදිතයකු බව තහවුරු වූයේ එහිදීය.
මේ වන විට තමන් සහ බිරිද රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවද සජිත් ප්‍රේමදාස මහතා සිය ෆේස්බුක් සටහන ඔස්සේ වැඩි දුරටත් පවසා ඇත.