නේපාල ජනපතිනිය පාර්ලිමේන්තුව විසුරුවයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 23, 2021

නේපාල ජනපතිනිය පාර්ලිමේන්තුව විසුරුවයි

නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට, එරට ජනාධිපතිනී බිද්‍යා දේවි බන්ඩාරී තීරණය කළාය. ඒ අනුව, නේපාල මහ මැතිවරණය ලබන නොවැම්බරයේ පැවැත්වීමට නියමිතය.

'පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිනිය කටයුතු කළා. ඒ අනුව අදියර දෙකකින් මහ මැතිවරණය පැවැත් වීම සිදුවෙනවා. පළමු අදිරය නොවැම්බර් 12 වැනිදාත් දෙවැනි අදියර නොවැම්බර් 19 වැනිදාත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා' යැයි නේපාල මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

නේපාලයේ අග්‍රාමාත්‍ය වරයා වන්නේ පී.කේ. ෂර්මා ඕලි ය. ඕලි අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2018 මහ මැතිවරණයෙනි. ඒ නේපාල කොමියුනිස්ට් පක්ෂය සමඟ සන්ධානගත වී බලය බෙදා ගැනීමේ එකඟතාවකට අනුවය. කෙසේ නමුත්, පැවැති මත ගැටුම් හේතුවෙන් එම සන්ධානය බිඳ වැටුණු අතර, ඕලී පසුගිය 2020 දෙසැම්බරයේ නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. 

කෙසේ නමුත් එය නීත්‍යාණුකූල නොවන බව අධිකරණය තීන්දු කළ අතර, ඕලී නේපාලයේ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන්න විය. 

හටගත් දේශපාලන අර්බුදයට විසඳුමක් ලෙස නව රජයක් පිහිටුවීමට, ඕලි ට හෝ ප්‍රධාන විපක්ෂ නායකයා වන ෂෙර් බහුදුර් දියුඩා ට අවස්ථාවක් ලබා දුන් නමුත්, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වමින් නව රජයක් පිහිටුවීමට දෙදෙනාටම හැකියාවක් ලැබුණේ නැත. 

ජනාධිපතිනී බිද්‍යා දේවි බන්ඩාරී, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් මහ මැතිවරණයක් පැවැත්වීමටත් තීරණය කළේ ඉන් පසුවය. 

 අසල්වැසි ඉන්දියාවෙන් ව්‍යාප්ත වූ කොරෝනා විකෘති ප්‍රභේද හේතුවෙන් මේ වනවිට නේපාලය ද දරුණු ලෙස කොරෝනා වයිරසයෙන් බැට නමින් සිටී. දිනපතා නේපාලයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 8,000 පසු කරයි. ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ ආසාදිතයන් ගණන 8,207 කි.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom