ඊශ්‍රායලයට දඩුවම් කරන්න ඕනෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

May 19, 2021

ඊශ්‍රායලයට දඩුවම් කරන්න ඕනෑ

ජාත්‍යන්තර ප්‍රජාව ඊශ්‍රායලයට සම්බාධක පැනවිය යුතු බවත් එසේ නොකළහොත් ඔවුන්ගේ මිලේච්ඡ ප්‍රචණ්ඩත්වය සමූල ඝාතනයකට හැරෙනු ඇතැයි තුර්කි ජනාධිපති තායිප් එර්දොවාන් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට පවසා ඇතැයි තුර්කි මාධ්‍ය වාර්තා කරයි. 

ගෝලීය ප්‍රජාව කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් පලස්තීන ජනතාව දිගින් දිගටම පීඩාවට පත්වෙමින් සිටින බව ද තුර්කි ජනාධිපතිවරයා පවසා ඇත. පලස්තීන ජනතාවට එරෙහිව සිදු කෙරෙන ප්‍රහාර සහ ආක්‍රමණවලට එරෙහිව දිගින් දිගටම හඬ නගන්නැයි ද තුර්කි ජනාධිපතිවරයා පාප්තුමන්ගෙන් දැඩිව ඉල්ලා ඇතැයි ටී.ආර්.ටී පුවත් සේවය වාර්තා කළේය. 

 “ජාත්‍යන්තර ප්‍රජාව ඊශ්‍රායලයට මතක හිටින හොඳ පාඩමක් උගන්වන්න ඕනේ” යැයි තුර්කි ජනාධිපතිවරයා පාප්තුතමාට පවසා ඇතැයි තුර්කි ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්විණි. 

රොයිටර්

Classified_Ad