සැක් ස්නයිඩර්ගේ Army of the Dead - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 23, 2021

සැක් ස්නයිඩර්ගේ Army of the Dead

කවුරුත් පුලපුලා බලා සිටි සැක් ස්නයිඩර්ගේ 'ආමී ඔෆ් ද ඩෙඩ්' නෙට්ෆ්ලික්ස් හරහා විකාශය ආරම්භ කර තිබේ. 'ආමී ඔෆ් ද ඩෙඩ්' සොම්බි ක්‍රියාදාම චිත්‍රපටයකි. 'ආමි ඔෆ් ද ඩෙඩ්' ස්නයිඩර්ගේ පළමු සොම්බි චිත්‍රපටය හෝ අවසන් සොම්බි චිත්‍රපටය හෝ නොවනු ඇත. 

ස්නයිඩර්ගේ පළමු සොම්බි චිත්‍රපටය 'ඩෝන් ඔෆ් ද ඩෙඩ්' ය. මෙය තිරගත වූයේ 2004 වසරේදීය. ස්නයිඩර්, 'ආමී ඔෆ් ද ඩෙඩ්' චිත්‍රපටය නිර්මාණය කිරීමේ අදහස පළමුවෙන් ඉදිරිපත් කළේ වෝනර් බ්‍රදර්ස් සමාගමටය. කෙසේ නමුත් සොම්බි චිත්‍රපටයකට වොනර් බ්‍රදර්ස් සමාගම උනන්දුවක් දක්වා නැත.
'ආමී ඔෆ් ද ඩෙඩ්' චිත්‍රපටය නිපදවීමට ස්නයිඩර් සියලු කටයුතු සැලසුම් කළේ 2007 වසරේදීය. නෙට්ෆ්ලික්ස් සමාගම චිත්‍රපටය නිර්මාණයට කැමැත්ත පළ කළේ 2019 දීය. ඒ අනුව 2019 ජූලි මාසයේදී රූගත කිරීම් ඇරැඹිණි. 

ඇමෙරිකන් ඩොලර් මිලියන 70 ත් 90 ත් අතර පිරිවැයක් දරා නිපදවුණු 'ආමී ඔෆ් ද ඩෙඩ්' චිත්‍රපටය, මිනිත්තු 148 ක ධාවන කාලයකින් යුක්තය. 

කොරෝනා වසංගතය මැද සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව 'ආමී ඔෆ් ද ඩෙඩ්' ඇමෙරිකාවේ තෝරාගත් සිනමාහල්වල පමණක් තිරගතවීම සිදුවිය. ඒ, පසුගිය මැයි 14 වැනිදාය. පෙරේදා (21) සිට නෙට්ෆ්ලික්ස් නාළිකාව ඔස්සේ විකාශය ඇරැඹිණි. 
චිත්‍රපටයේ කතාව වන්නේ ලාස් වේගාස් නගරය සොම්බිවරුන් විසින් ආක්‍රමණය කිරීමය. න්‍යෂ්ටික ප්‍රහාරයකින් නගරය විනාශ කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී, කැසීනෝවක සේප්පුවක ඇති ඩොලර් මිලියන 200 ක මුදල ලබා ගැනීමට, එම කැසීනෝවේ හිමිකරු කණ්ඩායමක් පිටත් කර හැරීමය. (යටි අරමුණක් ද එහි ඇත.)

එම කණ්ඩායමට නායකත්වය දෙන ස්කොට් වෝඩ්ගේ චරිතයට පණ පොවන්නේ ඩේව් බැටිස්ටාය. එලා පර්නෙල්, ඕමාරි හාඩ්වික්, ඇනා දෙ ලා රිගේරා, තියෝ රෝසි ආදී නළු නිළි කැලක් චිත්‍රපටයට එක් වී සිටිති. ඒ අතර බොලිවුඩ් නිළියක වන හූමා කුරේෂි ද සිටින්නීය. 

'ආමී ඔෆ් ද ඩෙඩ්' චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වූ අවස්ථාවේදී, හූමා කුරේෂි එහි සිටිනු දුටු ඇගේ බොලිවුඩ් රසික රසිකාවියෝ මහත් අමන්දානන්දයට පත් වූහ.
'මා සැක් ස්නයිඩර්ගේ සිනමාලෝලියෙක්. සැක් ස්නයිඩර් නමැති ඒ විශිෂ්ට කලාකරුවාගේ දැවැන්ත සිනමා නිර්මාණයේ කුඩා චරිතයකට දායක වීමට ලැබීම ගෞරවයක්' යැයි හූමා සිය ට්විටර් ගිණුම ඔස්සේ පවසා තිබේ. 'ආමී ඔෆ් ද ඩෙඩ්' චිත්‍රපටයේ ගීතා ගේ චරිතයට පණ පොවන්නේ හූමා ය.

Classified_Ad

Classified_Ad_News_Bottom