ඉන්දීය විකෘතිවලට එරෙහිව සාර්ථකයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 19, 2021

ඉන්දීය විකෘතිවලට එරෙහිව සාර්ථකයි

ඉන්දියාවෙන් හමුවුණු වයිරස විකෘති අඩපණ කිරීමේ හැකියාව 'ෆයිසර්' සහ 'මොඩර්නා' ප්‍රතිශක්තිකරණ එන්නත්වලට ඇතැයි ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයෝ පවසති. 

ඉන්දියාවෙන් හමුවුණු වයිරස විකෘති ප්‍රභේද වන්නේ 'බී.1.617' සහ 'බී.1.618' ය. මේවා සමාන්‍ය 'කොවිඩ් 19' වයිරසයෙන් මෙන්ම, සෙසු විකෘති ප්‍රභේදවලින් ද වෙනස් වන්නේ, සම්ප්‍රේෂණ හැකියාව ඉතා වේගවත් බැවිනි. එපමණක් නොව, 'බී.1.617' සහ 'බී.1.618' ප්‍රභේද මාරක යැයි ද වෛද්‍යවරු අනතුරු අගවති. 

ඉන්දියාවෙන් හමුවුණු මෙම විකෘති ප්‍රභේද මේ වනවිට ඇමෙරිකාව ඇතුළු රටවල් 55 කට වැඩි සංඛ්‍යාවක් පුරා ව්‍යාප්ත වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෙම විකෘති ප්‍රභේද සම්බන්ධයෙන් බිය පළ කර ඇත.

'ෆයිසර්' මෙන්ම 'මොඩර්නා' ද ඇමෙරිකන් සමාගම් වන අතර, මෙම එන්නත් නිපදවා ඇත්තේ 'කොවිඩ් 19' වයිරසයේ අක්‍රිය කරන ලද ජාන කේතයයි. මෙම එන්නත් දෙක අනෙක් එන්නත්වලට වඩා කොරෝනා වයිරසයට එරෙහිව සාර්ථක යැයි පැවැසෙන්නේ ඒ නිසාය.

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom