
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (6) තවදුරටත් පහළ ගියේ ය.
පසුගිය දිනවල යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා රුපියල, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඊයේ (6) නැවත වරක් 201 සීමාව ඉක්මවා පහළ ගියේ ය.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (6) රුපියල් 201.87ක් ලෙස දැක්වුණු අතර ගැනුම් අගය රුපියල් 196.77ක් ලෙස දැක්විණි.
පසුගිය අප්‍රේල් මස 15 වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 204 සීමාව ඉක්මවා පහළ ගියේ ය.
ඉන් අනතුරුව අප්‍රේල් 21 වැනිදා නැවත වරක් 200 සීමාව ඉක්මවා පහළ ගියේ ය.
ඉන් පසු ගත වූ කාලයේ දී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 200ත් 198ත් අතර අගයවල පැවැතුණි.
මේ අතර මේ වසරේ මුල් මාස හතරේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල් සියයට 6.6කින් අවප්‍රමාණය වී ඇත.