අදහස් හුවමාරු කර ගැනීමක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 11, 2021

අදහස් හුවමාරු කර ගැනීමක්

ශ්‍රී ලංකා - එක්සත් ජනපද සබඳතා පිළිබඳව ශ්‍රී ලංකාව ආසියා පැසිපික් ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානය සමඟ අදහස් හුවමාරු කර ගත් බව වොෂින්ටන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 

ශ්‍රී ලංකා-එක්සත් ජනපද සබඳතා සහ ආසියා-පැසිෆික් කලාපයේ දේශපාලන-ආර්ථික වෙනස්වීම් සම්බන්ධ ප්‍රවණතා පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා ඩැනියෙල් කේ. ඉනොයුයේ ආසියා-පැසිපික් ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ) අධ්‍යක්ෂ පීට් ගුමාටඕටා මහතා හමු විය. 

හවායි හි ආරක්ෂක ලේකම් ලොයිඩ් ජේ. ඔස්ටින් III මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පසුගිය සති අන්තයේ හවායි හි පර්ල් වරායේ දී පැවති, ඉන්දු-පැසිෆික් අණදෙන මූලස්ථානයේ අණදෙන නිලධාරියා ලෙස අද්මිරාල් ජෝන් ඇක්විලිනෝ මහතා පත් වීමේ සමාරම්භක උත්සවයට සහභාගී වීමට ගිය අතරතුර තානාපති රවිනාථ ආර්යසිංහ මහතා මෙලෙස ආසියා-පැසිපික් ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා හමු වී තිබේ. 

එසේම, තානාපති ආර්යසිංහ මැතිතුමා නැගෙනහිර සහ බටහිර සබඳතා පිළිබඳ මධ්‍යස්ථානය වෙත ගොස්, ශ්‍රී ලාංකික විද්වතුන්ට වැඩි අවස්ථාවන් ලබා දීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් යුතුව, එහි සභාපති ආචාර්ය රිචඩ් ආර්. වයිල්ස්ටෙක් මහතා සහ ශ්‍රී ලාංකිකයින්ට පිරිනමන වැඩසටහන් හා සම්බන්ධ ජ්‍යෙෂ්ඨ කාර්යය මණ්ඩලය ද හමුවිය. එතුමා ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු හවායි හි ශ්‍රී ලංකා ප්‍රජාවේ සාමාජිකයින් ද හමුවිය.

Classified_Ad

Classified_Ad_News_Bottom