අනුමත එන්නත්වලට විකෘති අඩපණ කරන්න පුළුවන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 22, 2021

අනුමත එන්නත්වලට විකෘති අඩපණ කරන්න පුළුවන්

හදිසි භාවිතයට සුදුසු යැයි තමන් අනුමැතිය ලබා දුන් සියලු 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත්වලට, ඉන්දීය කොරෝනා විකෘතිය ඇතුළු මෙතෙක් හමුවී ඇති සියලුම කොරෝනා විකෘති ප්‍රභේද අඩපණ කිරීමේ හැකියාව ඇතැයි ලේක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භවිතයට සුදුසු බව පෙන්වා දෙමින් පළමුවෙන් අනුමැතිය දුන්නේ ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නතටය. ඒ, 2020 දෙසැම්බර් 31 වැනිදාය. 

කොරියාවේ නිපදවන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නතටත්, ඉන්දියාවේ සේරම් ආයතනය නිපදවන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නතටත් අනුමැතිය ලබා දීම සිදු වූයේ පසුගිය පෙබරවාරි 15 වැනිදාය. 

ඉන්පසු පිළිවෙළින් ඇමෙරිකාවේ ජැන්සන් සමාගමේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතට, ඇමෙරිකාවේ මොඩර්නා එන්නතට සහ චීනයේ සයිනෝෆාම් එන්නතට අනුමැතිය ලබා දීම සිදුවිය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ආරක්ෂිත යැයි පැවැසුව ද රුධිර කැටි ගැසීම් හේතුවෙන් 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත පමණක් නොව 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නත ද භාවිතය නවතා දැමීමට යුරෝපා රටවල් කටයුතු කර ඇත. 

පළමුවෙන් ලොවට හඳුන්වා දී, ලියාපදිංචි කළ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ රුසියාවේ 'ස්පුට්නික් 5' ය. මෙම එන්නතට තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා දී නැත. 

මේ වනවිට තනි මාත්‍රාවක 'ස්පුට්නික් 5' එන්නතක් ද 'ස්පුට්නික් 5 ලයිට්' යන වෙළෙඳ නාමය යටතේ රුසියාවේ ගැමලේයා ඖෂධ නිෂ්පාදන සමාගම ලොවට හඳුන්වා දී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නොලැබුණත් රටවල් රැසක් 'ස්පුට්නික් 5' එන්නත භාවිතයට ගැනීම සිදුවෙයි.

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom