තත්ත්පරයෙන් ආසාදිතයන් සොයන ක්‍රමයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

May 22, 2021

තත්ත්පරයෙන් ආසාදිතයන් සොයන ක්‍රමයක්

තත්ත්පරයකින් කොරෝනා වයිරස ආසාදිතයකු ද නැද්ද යන්න සොයා දැන ගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති. 

කොරෝනා ආසාදිතයන් නිවැරදිව සොයා ගැනීම කළ හැකි ක්‍රමවේදය වන්නේ පී.සී.ආර්. පරීක්ෂණයයි. රැපිඩ් ඇන්ටජන් පරීක්ෂණය ඉක්මන් වුවත් එය වරදින අවස්ථාව ද ඇත.

සියයට සියයක් නිවැරදි පී.සී.ආර්. පරීක්ෂණයක ප්‍රතිඵල ලැබීමට දිනක් හෝ දෙකක් ගත වෙයි. 

ෆ්ලොරීඩා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් හඳුන්වා දී ඇති මෙම නව ක්‍රමවේදය පී.සී.ආර්. පරීක්ෂණයක් සේම සියයට සියයක් නිවැරදි බව පැවැසෙයි. 

මේ පරීක්ෂණයට කෙළ සාම්පල යොදා ගන්නා බවත්, පී.සී.ආර්. පරීක්ෂණයේදී මෙන් නාසයේ ඇතුළතින් හෝ උගුරේ පහළින් හෝ සාම්පල ලබා ගැනීමක් සිදු නොවන බව ද වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති. 

රොයිටර්

Classified_Ad