බයිඩන්ලා ජොන්සන්ලා මුහුදු වෙරළේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 11, 2021

බයිඩන්ලා ජොන්සන්ලා මුහුදු වෙරළේ

ද්වී පාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් බිරිඳ ජිල් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් බිරිඳ කැරී සිමොන්ඩ්ස් කාර්බිස් බේ මුහුදු වෙරළේ ඇවිදිමින්, සිසිල් මුහුදු සුළං පහස විඳිමින් පැය කීපයක් විවේකීයව ගත කළහ. 

කෝන්වෝල් යනු එංගලන්තයේ නිරිතදිග කෙළවරේ මුහුදට නෙරා පිහිටා ඇති ප්‍රාන්තයකි. වර්ග කිලෝ මීටර් 3,53 ක ප්‍රදේශයක් පුරා කෝන්වෝල් ප්‍රාන්තය විහිදී පවතී. කෝන්වෝල් හි 'කාර්බිස් බේ' බොක්ක සුන්දර මෙන්ම නිස්කලංක මුහුදු වෙරළවලින් සමන්විතය. 

ජනපති බයිඩන් සහ අග්‍රාමාත්‍ය ජොන්සන් සාකච්ඡා පවත්වද්දී පවා කැරී සිමොන්ඩ්ස් සහ ජිල් බයිඩන් මුහුදු වෙරළේ ගත කළහ. කැරී සිමොන්ඩ්ගේ පුංචි පුතු විල්ෆ්‍රඩ් ද ඔවුන් සමඟ සිටියේය. 

පෙම්වතුන් ලෙස වසර කීපයක් එකට ජීවත් වුණු කැරී සිමොන්ඩ්ස් සහ අග්‍රාමාත්‍ය ජොන්සන් විවාහ වූයේ මීට දින කීපයකට පෙරය. කොරෝනා වසංගතය හමුවේ, සෞඛ්‍ය නීතිවලට අනුව විවාහ මංගල උත්සවය පැවැත්වූයේ චාම් අයුරිනි. ඉතිහාසයේ මෙතෙක් පැවැති සියලුම 'ජී7' සමුළුවලට විරෝධතාවලින් බාධා එල්ල විය.

 ඒ, ලෝකයේ ප්‍රබල රටවල නායකයන් හමුවී විනෝද වි, ඡායාරූපවලට පෙනී සිටිනවා හැර ඔවුන් ලෝකයට වැදගත් කිසිදු වැදගත් තීන්දු හෝ තීරණ හෝ නොගන්නා බවට චෝදනා එල්ල වෙද්දීය. කෙසේ නමුත් 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් මෙවර විරෝධතා හෝ උද්ඝෝෂණ හෝ දකින්න ලැබෙන්නේ නැත. 

කෙසේ නමුත් කෝන්වෝල් සහ ඩවොන් ප්‍රාන්තවලින් පොලිස් නිලධාරීන් 5,000 ක පිරිසක් සහ අතිරේක පොලිස් නිලධාරීන් 1,500 ක පිරිසක් ආරක්ෂාවට යොදවා ඇත. ඊට අමතරව ඇමෙරිකන් ජනාධිපති බයිඩන් වෙනුවෙන් ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී තිබේ.

'කාර්බිස් බේ' බොක්කේ යුද නැව් රඳවා ඇති අතර, නිවාක හමුදා ප්‍රහාරක යාත්‍රා, කිමිඳුම්කරුවන් මුහුදේ දකින්න ලැබෙන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙම බ්‍රිතාන්‍ය සංචාරයේ දී ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ ජිල්, දෙවැනි එලිසබත් මහ රැජින හමුවීමට ද නියමිතය. 

බයිඩන් මහා බ්‍රිතාන්‍ය බලා පැමිණ සිටින්නේ ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් ද පිරිවරාගෙනය. 'ජී7' සමුළුවෙන් පසු ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන 'නේටෝ' මහ සමුළුවට සහභාගී වීමට නියමිතය.

Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom