එක පවුලකට දරුවන් දෙන්නයි නීතිය වෙනස් කරයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 1, 2021

එක පවුලකට දරුවන් දෙන්නයි නීතිය වෙනස් කරයි

චීන යුවලවලට දරුවන් තිදෙනකු සදහා අවසරය ලැබෙන බව එරට රජය නිවේදනය කර තිබේ. ලොව වැඩිම ජනගහනයක් ජීවත් වන රට වන්නේ චීනයයි. 

චීනය මෙතෙක් කල් අවසර දී තිබුණේ දරුවන් දෙදෙනකුට පමණක් වන අතර එම ප්‍රතිපත්තියේ ප්‍රධාන වෙනසක් කරමින් මෙම පියවර ගෙන තිබේ. 

මෑතකාලීනව නිකුත් වූ දත්තවලට අනුව චීනයේ උපත් අනුපාතය පහළ ගොස් ඇත. ජනගහනය පාලනය කිරීමේ අරමුණින් චීනය වසර ගණනාවක් එක් යුවලකට හැදීමට අවසර දී තිබුණේ එක් දරුවකු පමණි. 

චීනය 2016 වසරේ දී එම ප්‍රතිපත්තිය වෙනස් කළේය. ආර්ථිකයට එල්ල වන අවදානම හා තර්ජනයත් එරට වැඩිහිටි ජනගහනය වැඩිවීමත් යන කරුණු මුල් කරගනිමින් චීනය එලෙස 2016 වසරේ දී එම ප්‍රතිපත්තිය වෙනස් කළේය. 

ජීවන වියදම සහ ආර්ථික බලපෑම යන කරුණු හේතුවෙන් චීනය අපේක්ෂා කළ පරිදි එරටින් උපත් වර්ධනයක් සිදු නොවිණි. 

චීනය මෙවර සිය ප්‍රතිපත්තිය වෙනස් කිරීමට අමතරව ඊට සහයෝගය දෙන ආකාරයේ ක්‍රියාමාර්ග රැසක් ද ගෙන ඇත. රටේ ජනගහන ව්‍යුහය වර්ධනය කිරීමේ අරමුණින් චීනය මෙම පියවර ගෙන තිබේ. 

පවුල්වලට දැරීමට සිදුවන අධ්‍යාපන වියදම් අඩු කිරීම, නිවාස සම්බන්ධයෙන් බදු ක්‍රමය තුළින් සහාය ලබාදීම, ඉතා ඉහළ වියදමක් දැරීමට සිදුවන දෑවැදි ක්‍රමය වෙනස් කිරීම, රැකියා කරන කාන්තාවන්ට නෛතික සහාය යනාදිය මෙම ක්‍රියාමාර්ගවලට අයත් වේ. 

එමෙන්ම විවාහය සහ ආදරය සම්බන්ධයෙන් තරුණ පිරිස්වලට අධ්‍යාපන හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද නියමිතය. චීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ දශකයකට වරක් එරට සිදුකරන ජනගහන සංගණනය අනූව එරට ජනගහන වර්ධන වේගය අඩුවී ඇති බවට පෙනී යෑම හේතුවෙනි.

෴  හර්ෂණ තුෂාර සිල්වා
       රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom