කොරෝනා ප්‍රභේද හඳුන්වන්න ග්‍රීක අකුරු - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jun 1, 2021

කොරෝනා ප්‍රභේද හඳුන්වන්න ග්‍රීක අකුරු

රටරටවලින් හමුවන කොරෝනා ප්‍රභේද, ග්‍රීක හෝඩියේ අකුරු භාවිතයට ගනිමින් අලුත් ක්‍රමයකට නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත. 

අලුත් වයිරස ප්‍රභේද, ඒවා මුල්වරට හඳුනා ගන්නා රටවල නමින් හැඳින්වීම හේතුවෙන්, එම රටට ඇතිවන අපකීර්තිය වැළැක්වීමේ අරමුණින් මෙම නව ක්‍රමවේදය භාවිතයට ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කටයුතු පිළිබඳ ප්‍රධානී මරීයා වොන් කෙර්කෝව් පැහැදිලි කර තිබේ. 

මහා බ්‍රිතාන්‍යයෙන්, දකුණු අප්‍රිකාවෙන්, බ්‍රසීලයෙන් සහ ඉන්දියාවෙන් හමුවුණු වයිරස ප්‍රභේද ඉතා බිහිසුණු ප්‍රභේද ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හදුන්වා දී තිබේ. ඇතැම් ප්‍රතිශක්තිකරණ එන්නත්වලට පවා මෙම ප්‍රභේද අඩපණ කළ නොහැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත. 

 නව ක්‍රමවේදයට අනුව, මහා බ්‍රිතාන්‍යයෙන්, දකුණු අප්‍රිකාවෙන්, බ්‍රසීලයෙන් සහ ඉන්දියාවෙන් හමුවී ඇති විකෘතිවලට පිළිවෙළින් ඇල්ෆා, බේටා, ගැමා සහ ඩෙල්ටා යන ග්‍රීක අක්ෂර යොදා ගැනෙයි. 

රොයිටර්

Classified_Ad