හජ් වන්දනාවට විදෙස් බැතිමතුන් නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 13, 2021

හජ් වන්දනාවට විදෙස් බැතිමතුන් නෑ

'කොවිඩ් 19' වසංගතය සැලකිල්ලට ගනිමින්, හජ් වන්දනාවට මෙවර ද විදේශීය බැතිමතුන් සහභාගී කර නොගන්නා බව සෞදි අරාබිය නිවේදනය කර තිබේ.

කෙසේ නමුත් මෙවර හජ් වන්දනාව පැවැත්වෙන දින කීපයේ ඊට සහභාගී වීමට වන්දනාකරුවන් 60,000 කර අවසර ලැබී ඇත. 

පසුගිය වසරේ ද මේ අයුරින්ම, 'කොවිඩ් 19' වයිරස වසංගතය හජ් වන්දනාවට බාධා කළේය. පසුගිය 2020 වසරේ හජ් වන්දනාවට අවසර ලැබුණේ සෞදි වැසියන් සහ සෞදියේ පදිංචි සෙසු මුස්ලිම් රටවල වැසියන් 1,000 කට පමණි. 

මෙවර හජ් වන්දනාවට සහභාගීවීමට අවසර ලැබී ඇත්තේ, එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අයට සහ රෝගාබාධ කිසිවක් නොමැති අයට පමණි. 

ඔවුන් අවුරුදු 18 ත් 65 ත් අතර වයස් කාණ්ඩයට අයත් විය යුතු යැයි ද සෞදිය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. හජ් වන්දනා සමය ලබන ජූලි මාසය මැදදී ආරම්භ වෙයි.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom