පාකිස්තාන මහ කොමසාරිස් සමඟ සාකච්ඡා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jun 4, 2021

පාකිස්තාන මහ කොමසාරිස් සමඟ සාකච්ඡා

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාද් කටාක් මහතා සහ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර හමුවක් පසුගිය 3 වැනිදා පෙරවරුවේ පැවැත්විණි. 

ශ්‍රී ලංකා - පාකිස්තාන නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ද්විපාර්ශවික වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමු විය. දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාමට ඇති බාධක ඉවත් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කෙරිණි. 

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික වෙළඳාම සහ ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා පාකිස්තානයට සංචාරයක් කරන ලෙස මහ කොමසාරිස්වරයා වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට ආරාධනා කළේය. 

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ වෙළඳ හා ආයෝජන සම්බන්ධීකාරක අස්මා කමල් මහත්මිය සහ තවත් නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගී වූහ.

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad