ටාජ් මහල යළි විවෘත කෙරේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 17, 2021

ටාජ් මහල යළි විවෘත කෙරේ

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස අවදානම අඩුවීමත් සමඟ ඉන්දීය සෞඛ්‍ය අංශ සකස් කළ නව මාර්ගෝපදේශ අනුව, අග්‍රා හි පිහිටි ටාජ් මහල ද දේශීය සංචාරකයන් සඳහා විවෘත කර තිබේ. 

ලෝකයේ නව පුදුම 7 අතරින් ද එකක් වන ටාජ් මහල කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණේ පසුගිය අප්‍රේල් මාසයේය. 

සෞඛ්‍ය අංශ සකස් කළ මාර්ගෝපදේශ අනුව, වරකට ටාජ් මහල නැරැඹීමට ඇතුළට යාමට අවසර ලැබෙන්නේ 650 ක සංචාරකයන් පිරිසකට පමණි. 

සාමාන්‍යයෙන්, ටාජ් මහල නැරඹීමට වසරකට පැමිණෙන සංචාරකයන් ගණන මිලියන 7 ක් බවත්, දිනකට 20,000 කට වැඩි පිරිසක් පැමිණෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom