එන්නත නොගත් අයට පඩි නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 14, 2021

එන්නත නොගත් අයට පඩි නෑ

ප්‍රංශ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනා කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් අනිවාර්යයෙන් ලබා ගත යුතු බවත් එසේ නොකරන අයට සැප්තැම්බර් වැටුප් නොගෙවන බවත් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි.

'මා කරන්නේ බලකිරීමක්. ඒක මා හොඳින් දන්නවා. ඒත් කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කර ගනිමින්, ජීවිත ආරක්ෂා කර ගනිමින්, දෛනික කටයුතු දිගටම පවත්වාගෙන යන්න නම්, අපට සිදුවෙනවා කැප කිරීම් කරන්න.' යැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් මෙසේ කියා සිටියේ රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමිනි. 

ප්‍රංශයේ එන්නත්කරණ වැඩසටහන ඉතා මන්දගාමීව සිදුවෙයි. ඊට හේතුව වී ඇත්තේ එන්නත් ලබා ගැනීමට බොහෝ දෙනා මැලිවීමය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනකු තවමත් එන්නත් ලබා ගෙන නැතැයි පැවැසෙයි.

ප්‍රංශ ජනගහනයෙන් හරි අඩක් මේ වනවිට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගෙන ඇත. එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස සියයට 40 කි. මේ වනවිට ප්‍රංශයේ යළිත් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන තිබේ. ප්‍රංශ සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරයට එසේ කොරෝනා ආසාදිතයන් වැඩි වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වන බැවිනි.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom