රුසියාවෙත් කොරෝනා අඩුවන බවක් නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 4, 2021

රුසියාවෙත් කොරෝනා අඩුවන බවක් නෑ

රුසියාවේ 'කොවිඩ් 19' මරණ සහ ආසාදිතයන් දිනෙන් දින ඉහළ යන බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. රුසියන් මාධ්‍ය අද (4) උදෑසන වාර්තා කළ අන්දමට ගතවුණු පැය 24 ඇතුළත සිදුවුණු 'කොවිඩ් 19' මරණ ගණන 697 කි. 

ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ නව ආසාදිතයන් ගණන 24,439 කි. වැඩිම මරණ වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ මොස්කව් නුවරිනි. මොස්කව් නුවරින් දිනපතා 100 ත් 200 ත් අතර 'කොවිඩ් 19' මරණ වාර්තා වේ. රුසියාවේ 'කොවිඩ් 19' එන්නත්කරණ කටයුතු ඉතා මන්දගාමීව සිදුවෙයි. 

රුසියාවේ ජනගහනය මිලියන 146 ක් වන අතර, මේ වනතුරු එන්නත් ලබා දී ඇත්තේ එයින් සියයට 16 කට පමණි. මේ වනවිට රුසියාවේ සමස්ත 'කොවිඩ් 19' ආසාදිත මරණ ගණන 1,37,262 දක්වාත් සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන මිලියන 5.5 දක්වාත් ඉහළ ගොස් තිබේ. 

'සෞඛ්‍ය විශේෂඥයන් කියන දේට කන් දෙන්න. වයිරසයෙන් ආරක්ෂා වෙන්න නම් එන්නත ලබා ගැනීමයි කළ යුත්තේ. මමත් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තා.' යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැහැදිලි කර තිබේ. 

රුසියානුවන්ට ලබා දෙන්නේ, එරට නිෂ්පාදිත 'ස්පුට්නික්' එන්නත් පමණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය 'ස්පුට්නික්' එන්නතට ලැබී නැති නමුත් රටවල් බොහොමයක් 'ස්පුට්නික් 5' එන්නත මිලදී ගෙන එය ජනතාවට ලබා දීම සිදු කරයි. 

රුසියානුවන් බොහෝ දෙනකු 'ස්පුට්නික් 5' එන්නත ලබා ගැනීමට මැලිකමක් දක්වන බව පැවැසෙයි. එසේ මැලිකමක් දක්වන බොහෝ දෙනා රුසියන් සෞඛ්‍ය සේවක සේවිකාවන්ය. 

ඔවුන් පවසන්නේ 'ස්පුට්නික් 5' එන්නත සම්බන්ධයෙන් ඔවුන්ට විශ්වාසයක් නොමැති බවය. 'ස්පුට්නික් 5' එන්නත නිපදවන්නේ රුසියානු රජයට අයත් ගැමලේයා වෛද්‍ය පර්යේෂණ ආයතනයයි.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom