
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඔහුට නියමිත 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගත්තේය.
කැනඩා අග්‍රාමාත්‍යවරයා එන්නතේ පළමු මාත්‍රාව ලෙස 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නතය. ඒ පසුගිය අප්‍රේල් මාසයේය. කෙසේ නමුත් රුධිර කැටි ගැසීම හේතුවෙන් ලෙස 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත සම්බන්ධයෙන් ගැටලු මතුවී බැවින්, ඇස්ට්‍රාසෙනකා එන්නත කැනඩාවේ ද තහනම් කෙරුණි.
ඒ අනුව, දෙවැනි මාත්‍රාව ලෙස කැනඩා අග්‍රාමාත්‍යවරයා ලබා ගත්තේ 'මොඩර්නා' ප්‍රතිශක්තිකරණ එන්නතය.
'කොවිඩ් 19' වයිරසයට එරෙහිව නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් මිශ්‍ර කිරීමෙන්, වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි බව බටහිර මතයයි.
ඒ අනුව, 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නතින් පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවැනි මාත්‍රාව ලෙස 'ෆයිසර්' හෝ 'මොඩර්නා' එන්නත් ලබා දීම සුදුසු බවත්, එසේ කිරීමේ දී 'කොවිඩ් 19' වයිරසයට එරෙහි සිරුරේ සාර්ථක ප්‍රතිශක්තියක් නිර්මාණය වන බවත් යුරෝපා සෞඛ්‍ය පර්යේෂකයන් පැහැදිලි කර දී තිබේ.
'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නතේ මාත්‍රා දෙකම ලබා ගන්නවාටත් වඩා දෙවැනි මාත්‍රාව ලෙස 'ෆයිසර්' හෝ 'මොඩර්නා' එන්නත ලබා ගැනීමෙන්, වයිරසයට එරෙහිව නිපදවන ප්‍රතිශක්තිය වැඩි බවත්, විකෘති වයිරස ප්‍රභේදවලට පවා ප්‍රතිශක්තියක් නිර්මාණය වන බවත් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්යේෂකයන් එළිදැක්වූ වාර්තාවක සඳහන් වෙයි.
කැනඩාවේ පමණක් නොව, යුරෝපා රටවල බොහෝ දෙනකුට පළමු එන්නත් මාත්‍රාව ලෙස ලබා දීම සිදුවූයේ ද 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නතය. මෙය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් සහ 'ඇස්ට්‍රාසෙනකා' ඖෂධ නිෂ්පාදන සමාගම එක් වී නිපදවූ එන්නතය.
ඉන්දියාවේදී 'කොවිෂීල්ඩ්' යන නමින් නිපදවන්නේ ද මෙම එන්නතය. ආසියා, අප්‍රිකා ඇතුළු රටවල් බොහොමයකට ඉන්දියාව පරිත්‍යාග කළේත්, ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා නොමිලේ බෙදා දීම සිදුවූයේත් මෙම 'කොවිෂීල්ඩ්' එන්නතය.
රුධිරය කැටි ගැසෙන බැවින්, යුරෝපා රටවල ඇස්ට්‍රාසෙනකා එන්නත භාවිතය නවතා දැමුණු අතර, ඉන්දියානුවන්ට මුල්තැන දී එන්නත් බෙදා දීමට ඉන්දීය රජය තීරණය කිරීමත් සමඟ පළමු 'කොවිෂීල්ඩ්' එන්නත ගත් පුද්ගලයන්ට දෙවැනි මාත්‍රාව අහිමි විය. ඒ අනුව රටවල් බොහොමයක් දෙවැනි මාත්‍රාව ලෙස 'ෆයිසර්' හෝ 'මොඩර්නා' එන්නත ලබා දීමට යොමු වී සිටී.
AFP