ටෝකියෝ ඔලිම්පික් සමාප්තිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 8, 2021

ටෝකියෝ ඔලිම්පික් සමාප්තිය

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් වසරක ප්‍රමාදයකින් පසු, දැඩි සෞඛ්‍ය නීතීරීති යටතේ, නරඹන්නන් ද නොමැතිව පැවැත්වුණු ටෝකියෝ ඔලිම්පික් උළෙල නිමාවට පත්විය. 

මෙවර ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් ජපානයට සතුටු විය හැකි කාරණය නම්, පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයට පත් වීමය. 

ජපානය දිනා ගත් සමස්ත පදක්කම් ගණන 58 කි. පදක්කම් සටහනේ පළමු ස්ථානය දිනා ගත්තේ ඇමෙරිකාවය. ඇමෙරිකාවට දිනා ගැනීමට හැකි වුණු පදක්කම් ගණන 113 කි. දෙවැනි ස්ථානයට පත්වූයේ චීනයයි. චීනය දිනා ගත් පදක්කම් ගණන 88 කි.
නරඹන්නන් හෝ සංචාරකයන් නොමැති ඔලිම්පික් උළෙල පැවැත් වූ බැවින්, ඔලිම්පික් උළෙල පැවැත්වීමෙන් ජපානයට සිදුවුණු පාඩුව අතිමහත්ය. 

ඔලිම්පික් උළෙල සඳහා වෙන් කළ මුදල ඇමෙරිකන් ඩොලර් 15 ක් වුවත්, 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් තහංචි පැනැවීමට නිසාත්, සංචාරකයන් නොමැතිවීමත් නිසා ඊට වැඩි මුදලක් වැය කිරීමට සිදුවුණු බව ජපන් ඔලිම්පික කමිටුව පවසා ඇත. 
ඔලිම්පික් සමාරම්භය මෙන්ම සමාප්තිය ද අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. මල් වෙඩි සංදර්ශන සහ සංගීත සංදර්ශන ද ඊට ඇතුළත් විය. 

ජපානයේ නරුටෝ අධිරාජ්‍යයා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහ ඔලිම්පික් කමිටු සාමාජිකයන් නරඹන්නෝ ලෙස ක්‍රීඩාංගනයට පැමිණියහ.
'කොවිඩ් 19' වසංගතය හමුවේ රට රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නියෝජිතයන් ඇතුළු 50,000 ක පිරිසක් සමඟ, ඔලිම්පික් උළෙල පැවැත්වීමට ජපානය සමත්වීම සම්බන්ධයෙන් ඔලිම්පික් කමිටුවේ ප්‍රසාදය ජපන් බලධාරීන්ට හිමිවී ඇත. 

ඔලිම්පික් උළෙල ආරම්භ වූ දා සිට මේ දක්වා ටෝකියෝ අගනුවර කොරෝනා ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. වයිරස ආසාදිතයන් වැඩියෙන් වාර්තා වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙනි. මේ වනවිට ටෝකියෝ අගනුවර පමණක් නව ආසාදිතයන් 5,000 ඉක්මවා වාර්තා වී ඇත.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom