ජනාධිපති බයිඩන්ට සුබ උපන්දිනයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Nov 21, 2021

ජනාධිපති බයිඩන්ට සුබ උපන්දිනයක්

sample-ad-complete-big
.com/img/a/
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ සිය 79 වැනි උපන් දිනය සමරයි. උපන් දිනය වෙනුවෙන් බයිඩන්, බිරිඳ ජිල් ද සමඟ ඩෙලවෙයාර් ජනපදයේ විල්මින්ටන් හි පිහිටි ඔවුන්ගේ නිවස බලා ගිය බව ධවල මන්දිරය නිවේදනය කළේය. 

බයිඩන්, ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වූයේ මෙම වසරේ ජනවාරියේය. ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වූ වයස්ගතම ජනාධිපතිවරයා බයිඩන්ය. උපන් දිනය වෙනුවෙන් විශේෂ සාද හෝ රැස්වීම් කිසිවක් පවත්වන්නේ නැතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ අතර, බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රබලයන්ගෙන් බයිඩන්ට උණුසුම් උපන් දින සුබ පැතුම් ලැබුණි. ඒ, ට්විටර් පණිවුඩ ලෙසය. පළමුවෙන් සුබ පැතුම් එක් කිරීමට කටයුතු කළේ උප ජනාධිපතිනිය කමලා හැරිස් ය. 

පාර්ලිමේන්තු කතා නායිකා නැන්සි පෙලෝසි, ජනාධිපති බයිඩන්ට සුබ පතමින් පළ කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වී ඇත්තේ, බයිඩන්, ජනාධිපති ධුරයේ සිටීම ඇමෙරිකානුවන්ට ආඩම්බර බවත්, බයිඩන්, ජනතාවට ආදරේ සැබෑ ඇමෙරිකන් නායකයකු බවත්ය. 

 'මගේ සොහොයුරාට මගේ මිතුරාට සුබ උපන් දිනයක්' යැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි. ඇමෙරිකාවේ කළු ජාතික ජනාධිපති ලෙස බැරැක් ඔබාමා ජනාධිපති ධුරය හොබවද්දී, උප ජනාධිපති ලෙස කටයුතු කළේ ජෝ බයිඩන්ය.

ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරන්න වූයේ ජනාධිපති බයිඩන්ට හිමිවුණු හොඳම උපන් දින තෑග්ග ඇමෙරිකානුවන් වෙනුවෙන් සැකැසූ සමාජ සුබසාධන පනත් කෙටුම්පතට සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම බවය. 'බිල්ඩ් බෑක් බෙටර්' නමින් නම් කළ මෙම සමාජ සුබසාධන පනත් කෙටුම්පතට සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූයේ පසුගිය සිකුරාදා (19) ය.

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad