Miss Sri Lanka වුණු ඉංග්‍රීසි කෙල්ල - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 18, 2021

Miss Sri Lanka වුණු ඉංග්‍රීසි කෙල්ල

‘Miss Sri Lanka‘ රූ රැජින තරගාවලියේ අවසන් අදියර Hilton හෝටලයේදී පැවැත්විණි. ඒ, බ්‍රසීලයේ පුවර්ටෝ රීකෝ නුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වීමට නියමිත 70 වැනි  '2021 ලෝක රූ රැජින තරගාවලිය‘ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන යුවතිය කවුරුන්දැයි තෝරා ගැනීමේ අරමුණින්ය. 
එහිදී ‘Miss Sri Lanka‘ කිරුළ දිනා ගැනීමට සමත් වූයේ ෂාඩේ ග්‍රීන්වුඩ් ය. ඇය වයස අවුරුදු 19 ක් වන එංගලන්ත සම්භවයක් සහිත ශ්‍රී ලාංකික යුවතියකි. ෂාඩේගේ පියා බ්‍රිතාන්‍ය සහ ජර්මානු සම්භවයක් සහිත අයෙකි. ඇගේ මව, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, එයාලංකා සහ එමිරේට්ස් ගුවන් සේවයේ රාජකාරි කළ ශ්‍රී ලංකික කාන්තාවක වන සමන්තා ගෝමස් ය. 
ෂාඩේ ග්‍රීන්වුඩ් නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වූයේ අවුරුදු 14 දීය.ඇය උසස් අධ්‍යාපනය සඳහා තෝරාගත්තේ ජපානයේ ටෝකියෝ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය වීම විශේෂත්වයකි. ඇයට ඉංග්‍රීසි බස හොඳින් පුළුවනි. ජපන් බස ද සාමාන්‍ය මට්ටමක පවතී. ටෝකියෝ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිය හදාරමින් සිටිද්දී, ෂාඩේ ‘Miss Sri Lanka‘ සඳහා අයැදුම් කර තිබේ. 
එසේ වූයේ තම හොඳම මිතුරියගේ උනන්දු කිරීම නිසා බව ෂාඩේ පවසා තිබේ. මිතුරියගේ සහ පවුලේ මඟ පෙන්වීමෙන් මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ මෙන්ම ‘Miss Sri Lanka‘ තරගාවලියේද සාර්ථක වීමට හැකිවුණු බව ෂාඩේ පවසන්නේ මහත් සතුටිනි. ෂාඩේ සත්ව අයිතීන් පෙනුවෙන්වෙන් පෙනී සිටී. 
ඊට අමතරව ඇය පරිසරය වෙනුවෙන් හඩ නගන ක්‍රියාකාරිනියකි. සාගරය සුරැකීමේ වැඩසටහන් රැසකට ෂාඩේ දායක වී ඇත. ජාත්‍යන්තර වේදිකාවක ශ්‍රී ලංකාවේ නාමය නොමැකෙන සේ සනිටුහන් කිරීම තමන්ගේ අරමුණ බවත්, ‘Miss Sri Lanka‘ ලෙස තමන්ට එය කළ හැකිවනු ඇති බවත් ෂාඩේගේ විශ්වාසයයි.

෴ උපුටා ගැනීම - missosology.org

Classified_Ad

Classified_Ad_News_Bottom