අලුත් කොවිඩ් විකෘතියක් ප්‍රංශයෙන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 6, 2022

අලුත් කොවිඩ් විකෘතියක් ප්‍රංශයෙන්

‘ඔමික්‍රෝන්’ විකෘතිය පරයන නව ‘කොවිඩ් 19’ විකෘතියක් ප්‍රංශයෙන් හමුවී තිබේ. ප්‍රංශ සෞඛ්‍ය අංශ මෙම ‘කොවිඩ් 19’ විකෘතිය නම් කර ඇත්තේ ‘අයි.එච්.යූ බී.1.640.2’ යන නමිනි. 

නව විකෘතිය සහ ඒ සම්බන්ධ පර්යේෂණ වාර්තා ‘මෙඩ්රිව්’ නමැති ප්‍රංශ වෛද්‍ය විද්‍යා සඟරාවේ පළ වී ඇත. එම පර්යේෂණ වාර්තාවේ සඳහන් අන්දමට මෙම නව විකෘතිය නිර්මාණය වී ඇත්තේ තවත් විකෘති 46 මුසුවීමෙනි. 

ඒ අනුව, මෙම නව විකෘතිය ‘ඔමික්‍රෝන්’ අභිබවා යයි. මේ වනවිට ප්‍රංශයේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය දරුණු ලෙස ව්‍යාප්ත වෙයි. ප්‍රංශයෙන් මෙම නව විකෘතිය හමුවී ඇත්තේ එරට ‘ඩෙල්ටා’ විකෘතිය අභිබවා යමින්, ‘ඔමික්‍රෝන්’ විකෘතිය ප්‍රධාන විකෘතිය බවට පත් වී ඇති අවස්ථාවකය. 

කෙසේ නමුත්, ‘අයි.එච්.යූ බී.1.640.2’ විකෘතියේ ආරම්භය සිදුවී ඇත්තේ ප්‍රංශයෙන් ද නැතිනම් මධ්‍යධරණී රටකින් ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතී. ප්‍රංශ සෞඛ්‍ය බලධාරීන් පළමුවෙන් හමුවුණු බී.1.640.2 ආසාදිතයා කැමරූන් රාජ්‍යයේ සිටි පැමිණි අයකු වීම ඊට හේතුවය. 

මේ වනවිට මාර්සේල් නුවරින් ‘අයි.එච්.යූ බී.1.640.2’ ආසාදිතයන් 12 දෙනකු හමුවී ඇති බව ද සෞඛ්‍ය අංශ පවසයි. 

‘අයි.එච්.යූ බී.1.640.2’ විකෘතිය සම්බන්ධයෙන් නිල දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත යොමු කළ ඇති බව ද ප්‍රංශ සෞඛ්‍ය අංශ කියයි.

‘අයි.එච්.යූ බී.1.640.2’ ග්‍රීක හෝඩියේ අක්ෂරයකින් නම් කිරීම ඉදිරියේ දී සිදුවනු ඇත. එය සිදුවන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය නව විකෘතිය විශ්ලේෂණය කර එය බිහිසුණු ද නැද්ද යන්න තහවුරු කිරීමෙන් පසුවය.

෴ උපුටා ගැනීම - AFP

Classified_Ad