ගංගාරාම නවම් මහා පෙරහැර - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 16, 2022

ගංගාරාම නවම් මහා පෙරහැර

කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැරේ සධාතුක කරඬුව මංගල හස්තිරාජයා මත තැන්පත්කර චාරිත්‍රානුකූලව පෙරහර ආරම්භ කිරීම ඊයේ (15) සවස සිදුවිය. 

පෙරහරේ මංගල හස්ති රාජයා වූ කැලණිය රජ මහා විහාරයේ කණ්ඩුල හස්තියා මත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් සධාතුක කරඬුව තැන්පත් කළෝය

වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ,වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, ගංගාරාම විහාරස්ථ දායක සභාවෙි සභාපති රංජිත් විජයවර්ධන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ  ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි සහ විහාරස්ථ ජිනරතන කාර්මික විද්‍යාලයේ විදුහල්පති පාලටුවේ ජිනරතන හිමිවරුන්ගේ මූලික අධීක්ෂණයෙන් පෙරහර  කටයුතු සංවිධාන කෙරිණි.

මෙවර නවම් පෙරහර මංගල්‍යය පැවැත්වෙන්නේ 43 වැනි වරටය. නවම් මහා මංගල්‍යයේ අවසන් පෙරහර අද (16) පස්වරුවේ වීදි සංචාරය කරයි.

Classified_Ad

Classified_Ad_News_Bottom