රන්ජන් නිදහස් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 27, 2022

රන්ජන් නිදහස්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව, සිර දඬුවම් ලැබූ හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට කොන්දේසි සහිත ජනාධිපති සමාවක් හිමිවිය. ඒ, මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන්නැයි යන කොන්දේසිය යටතේය.

රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට අදාල ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) අත්සන් තැබුවේය.

2017 අගෝස්තු 21වනදා අරලියගහ මන්දිරයෙන් පිටත දී සිදු කළ ප්‍රකාශයට පළමු නඩුව ගොනු කරමින් 2021 ජනවාරි 12 වන දින රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කරනු ලැබුණි.

රන්ජන් රාමනායක මහතා දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සමාව අයදීම පෙරේදා (25) සිදුවිය.

තමන් සිදු කළ ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශය හේතුවෙන් අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්‍රයේ සියලුදෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වෙයි.

තමා විසින් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍ය බවත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවටත් ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා අධිකරණයට ලබාදුන් දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වෙයි.

ජනාධිපති සමාව ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණි අවස්ථාවේ, ඔහු පිළිගැනීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ඇමති මනූෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, හර්ෂණ රාජකරුණා යන මහත්වරු ද බන්ධනාගාරයට පැමිණ සිටියහ.

රාමනායක මහතා නිදහස් වන අවස්ථාව දැකගැනීමට විශාල පිරිසක් බන්ධනාගාරය අසල රැඳී සිටි අතර ඔවුහු ප්‍රීති ඝෝෂා නගමින්, රතිඤ්ඤා දල්වමින් සතුට පළ කළහ. 

Classified_Ad

Classified_Ad_News_Bottom