WHO ලොක්කා දුකෙන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 28, 2022

WHO ලොක්කා දුකෙන්

සිවිල් යුද ගැටුම් හේතුවෙන් ඉතියෝපියාවේ ජීවත් වන ඥාතීන් බොහෝ දෙනකු කුසගින්නේ පසුවන බවත්, ඔවුන්ට පිහිට වීමට නොහැකිව තමන් අසරණ වී සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස් පවසයි. 

අප්‍රිකා රාජ්‍යයක් වන ඉතියෝපියාවේ සිවිල් යුද්ධයක් පවතී. ඒ, ටයිග්රේ පළාතේය. ටයිග්රේ බෙදුම්වාදී සටන්කාමීන් සටන් වදින්නේ ඉතියෝපියානු රජයේ හමුදා සමඟය. ගැටුම් හේතුවෙන් ටයිග්රේ සිවිල් වැසියන් සිටින්නේ කුසගින්නේය. ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස් ඉතියෝපියානු ජාතිකයෙකි.

‘මාගේ ඥාතීන් බොහෝ දෙනකු ඉතියෝපියාවේ ජීවත් වෙනවා. මා දන්නවා ඔවුන් සිටින්නේ කුසගින්නේ. ඔවුන්ට පිහිට වෙන්න; මුදල් යවන්න මට හැකියාවක් නැහැ. ඔවුන් ජීවතුන් අතර සිටිනවා ද නැද්ද දැනගන්න ක්‍රමයක් ඇත්තේ නැහැ’ යැයි ගෙබ්‍රියේසිස් මාධ්‍ය හමුවක් අතරතුරේ පැවැසුවේ හැඟීම්බරවය. 

ටයිග්රේ බෙදුම්වාදී අරගලය ආරම්භ වූයේ 2000 වසරේදීය. එදා සිට මේ දක්වා ටයිග්රේ පළාත බාහිර ලෝකයෙන් වෙන් වී පවතී. නගරයට විදුලිය නොමැති අතර දුරකතන පහසුකම් පවා බිඳ වැටී ඇත. අන්තර්ජාල සහ බැංකු සේවා පවා ක්‍රියාත්මක වන්නේ නැත. 

පසුගිය සිකුරාදා (26) ටයිග්රේ පළාතේ අගනුවර ඉලක්ක කර ගනිමින් එල්ල වුණු රොකට් ප්‍රහාරයකින් ටයිග්රේ වැසියෝ සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන්ගෙන් දෙදෙනකු කුඩා දරුවන්ය.

෴ උපුටා ගැනීම - Al Jazeera

Classified_Ad

Classified_Ad_News_Bottom