
චීනය සහ වියට්නාමය අතර දේශ සීමාවේ ආරක්ෂාව සහ මෙහෙයුම් කටයුතු සඳහා, චීනයේ නිෂ්පාදිත වෝකර් එස් 2 වර්ගයේ මානුෂීය රොබෝ බලඇණියක් යෙදවීමට චීන රජය තීරණය කර ඇත.
UBTECH Robotics රොබෝ නිෂ්පාදන සමාගම සමඟ ඇති කරගත් ඩොලර් මිලියන 37 ක ගිවිසුමක් යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය අති නවීන තාක්ෂණය දේශ සීමා ආරක්ෂාවට එක් කිරීමේ සුවිශේෂී පියවරකි.
වෝකර් එස් 2 යනු හොඳින් වැඩුණු මිනිසකුගේ ප්‍රමාණයෙන් යුත් රොබෝවරුන්ය. මොවුන් සතුව, දියුණු සංවේදක පද්ධති පවතී. මෙම රොබෝවරුන්, ප්‍රධාන වශයෙන් ෆැන්චෙන්ගැන්ග් දේශසීමා හරස් මාර්ගයේ රඳවා තැබෙනු ඇතැයි චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පිරිස් පාලනය කරමින්, රථවාහන හැසිරවමින් සහ භාණ්ඩ බහාලුම් පරීක්ෂා කරමින් චීන හමුදා සෙබළුන්ට සහාය දැක්වීම මෙම රොබෝවරුන්ගේ අරමුණ වෙයි.
මෙම රොබෝවරුන් කෘත්‍රිම බුද්ධිය (AI) පොදු ආරක්ෂාව සහ කාර්මික අංශ සමඟ ඒකාබද්ධ කිරීමේ චීන ජාතික උපායමාර්ගයේ තීරණාත්මක අත්හදා බැලීමක් යැයි පැවැසෙයි.
දේශසීමා රාජකාරිවලට අමතරව, දේශසීමාව ආසන්නයේ පිහිටි වානේ සහ ඇලුමිනියම් කර්මාන්තශාලාවල ආරක්ෂිත තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා මුර සංචාරයේ යෙදීමට ද මෙම රොබෝවරුන්ව පුහුණු කර ඇත.
ලුසිත ජයමාන්න
BBC ඇසුරිනි