දත් ඇස් මෙන් රැක ගන්න - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 16, 2026

දත් ඇස් මෙන් රැක ගන්න

එක් දතක් අහිමි වීම සරල කාරණයක් ලෙස පෙනුණ ද, එය මුඛ සෞඛ්‍යය කෙරෙහි දාම ප්‍රතික්‍රියාවක් මෙන් බලපෑම් ඇති කරයි. දතක් අහිමි වූ විට එම හිස් අවකාශය දෙසට අනෙකුත් දත් ක්‍රමයෙන් ඇදී යෑමට පටන් ගනී. 

මෙය දත්වල ස්වභාවික පෙළගැස්ම වෙනස් කිරීමට සමත් වෙයි. එයින් හකු ඇඳි දෙක නිසි ලෙස එකිනෙක මුණගැසීම අක්‍රමවත් වෙයි. මෙලෙස දත් ඇද වීම නිසා ආහාර හපන විටදී දත් මත අසමාන පීඩනයක් ඇති වන අතර එය හකු සන්ධිවල වේදනාවට පවා හේතු විය හැකිය. 

දතක් අහිමි වූ ප්‍රදේශයට ඉහළින් හෝ පහළින් ඇති ප්‍රතිවිරුද්ධ දත, එය මුණගැසීමට වෙනත් දතක් නොමැති වීම නිසා කාලයත් සමඟ එම හිස් අවකාශය තුළට නෙරා ඒමට පටන් ගනී. මෙම ක්‍රියාවලිය මුළු මුඛයේම සමබරතාව තවදුරටත් අවුල් කිරීමට හේතු වෙයි. තවත් බරපතල කරුණක් වන්නේ හකු ඇටය දියවී යෑමය. 
සාමාන්‍යයෙන් දත් මගින් හකු ඇටයට ලබා දෙන උත්තේජනය දතක් අහිමි වීමත් සමඟ නැති වී යන අතර, කාලයත් සමඟ එම ස්ථානයේ හකු ඇටය හැකිළීමට හා දුර්වල වීමට පටන් ගනී. අහිමි වූ දතක් කල් ඇතිව කෘතිම දතක් මගින් ප්‍රතිස්ථාපනය කිරීම මේ සියලු ගැටලු වළක්වා ගැනීමට ඇති හොඳම විසඳුමය. 

එමගින් දත්වල නියමිත පෙළගැස්ම ආරක්ෂා වන අතර හකු ඇටයේ ශක්තිමත් බව සහ මුඛයේ ක්‍රියාකාරිත්වය යථා පරිදි පවත්වා ගැනීමට හැකි වෙයි. 

ලුසිත ජයමාන්න 
Brain Maze ඇසුරිනි

Classified_Ad