රුසියන් විපක්ෂ නායකයා මැරුවේ ගෙඹි විෂකින් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 15, 2026

රුසියන් විපක්ෂ නායකයා මැරුවේ ගෙඹි විෂකින්

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ උදහසට ලක්වී සිටි එරට විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි මියගියේ එපිබැටිඩින් නමැති මාරාන්තික විෂ ශරීරගත වීමෙන් බවත්, මෙම එපිබැටිඩින් විෂ වර්ගය ස්වභාවිකව හමුවන්නේ දකුණු ඇමරිකාවේ වනාන්තරවල වාසය කරන ගස් ගෙම්බන්ගේ සිරුරෙන් බවත් තහවුරු වී ඇත. 

එපිබැටිඩින් විෂ යොදා ගනිමින්, ඇලෙක්සි නවාල්නි ඝාතනය කළේ යැයි රුසියන් ජනාධිපති පුටින් සහ රජයට චෝදනා එල්ල වෙයි. මෙලෙස චෝදනා එල්ල කරන්නේ එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය සහ නෙදර්ලන්තයයි. 

2024 වසරේ දී නවාල්නි ඝාතනයට ලක්වූයේ ඔහු රුසියාවට අයත් සයිබීරියාවේ ආක්ටික් කලාපයේ පිහිටි දණ්ඩණ කඳවුරක සිරගතව සිටියදීය. නවාල්නිගේ සිරුරේ 'එපිබැටිඩින්' මාරාන්තික විෂ තිබුණු බව බව රසායනාගාර පරීක්ෂණවලින් මේ වනවිට නිශ්චිතවම තහවුරු වී ඇත. 

ඇමසන් වැසි වනාන්තරය නිවහන කරගත් ස්වදේශීය ගෝත්‍රිකයන්, සතුන් දඩයම් කිරීමේ දී මෙම ගස් ගෙඹි විෂ භාවිතයට ගන්නා බව ද පැවැසෙයි.
 
එල්ල වන මෙම චෝදනා සමඟ රුසියාව සහ එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය, නෙදර්ලන්තය අතරේ නව රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි ද පැවැසෙයි. නවාල්නි රුසියානු රජයේ සහ එරට ඉහළ පෙළේ නිලධාරීන්ගේ දූෂණ හෙළිදරවු කළ අයෙක් විය. ඔහු රුසියාවේ විපක්ෂ නායක ලෙස නම් කළේ බටහිර රටවල්ය. 

රුසියානු දේශපාලනඥයන්ගේ රහසිගත වත්කම් පිළිබඳව වීඩියෝ වාර්තා අන්තර්ජාලයට මුදා හැරීමට නවාල්නි කටයුතු කළේය. 2021 දී ජර්මනියේ සිට රුසියාවට යළි පැමිණෙද්දී, ඔහු ගුවන්තොටුපොළේදීම අත්අඩංගුවට ගැනුණි. 

විවිධ චෝදනා යටතේ ඔහුට වසර ගණනාවක සිරදඬුවම් නියම වූ අතර, ඔහු රුසියාවට අයත් සයිබීරියාවේ, ආක්ටික් කලාපයේ පිහිටි දණ්ඩන කඳවුරට යැවීම සිදුවිය.

BBC ඇසුරිනි

Classified_Ad