
වැලන්ටයින් යනු ආදරවන්තයන්ගේ දිනයයි. වැලන්ටයින් දිනය පසුපස ලොකු ඉතිහාස කතාවක් ඇත.
වැලන්ටයින් යනු සාන්තුවරයෙකි.
ඔහු ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ රෝමයේ විසූ පූජකයකු බව ඉතිහාස වාර්තාවල සඳහන් වෙයි.
විවාහක පුරුෂයන්ට දක්ෂ සොල්දාදුවන් විය නොහැකි බවට පැවති විශ්වාසය හේතුවෙන්, දෙවන ක්ලෝඩියස් අධිරාජයා විසින් එදා විවාහය තහනම් කළ බව පැවැසෙයි.
අධිරාජයා ගත් ක්‍රියාමාර්ගය අසාධාරණ යැයි හැඟුණු වැලන්ටයින් පූජකතුමා ඒ නීතිය බිඳ දමා යුග දිවියට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් රහසින් විවාහ කිරීමට ඉඩ සලසා දුන්නේය.
මේ බව දැනගත් ක්ලෝඩියස් අධිරාජයා වැලන්ටයින් පූජකතුමා සිරගත කොට පසුව ඔහුට මරණ දඬුවම ලබා දීමට නියෝග කළේය.
සිරගත කෙරුණු වැලන්ටයින් පූජකතුමා සහ බන්ධනාගාර ප්‍රධාන ආරක්ෂකයාගේ දියණිය අතරේ ප්‍රේම සම්බන්ධයක් ගොඩ නැගුණි.
පෙබරවාරි 14 වෙනි දින මරා දැමීමට නියම වූ පූජකතුමා ඊට පෙර සිය ආදරවන්තිය වෙත පෙම් හසුනක් ලියූ අතර එය අවසන් කොට තිබුණේ, ‘මීට ඔබේ වැලන්ටයින්’ යනුවෙන් සඳහන් කරමිණි.
එදා සිට සෑම පෙබරවාරි 14 වැනිදා ම ආදරවන්තයන්ගේ දිනය හෙවත් වැලන්ටයින් දිනය ලෙස සැලකෙයි.
අද වැලන්ටයින් දිනය බොහෝ වේලාවට සමරන්නේ අර්ථ විරහිතවය. ඇතැම් තරුණ තරුණියන් වැලන්ටයින් සමරන්නේ රාගය මත පමණක් පදනම්ව යැයි අමුතුවෙන් කිව යුතු නැත.
ඒත් ආදරය යනු සැබැවින්ම පිවිතුරු බැඳීමකි. එය සැබැවින්ම පූජනීය දෙයකි.
ඔබ සැමට සුබ ආදරවන්තයන්ගේ දිනයක් වේවා!