
Red Eye යනු 2024 වසරේ දී ආරම්භ වුණු එක හුස්මට නැරැඹිය හැකි බ්‍රිතාන්‍යයේ ITV නාලිකාව හරහා විකාශය වුණු ත්‍රාසය සහ කුතුහලය පිරුණු (Action thriller) ක්‍රියාදාම ටෙලි කතා මාලාවකි.
මේ වනවිට රෙඩ් අයි කතාමාලා දෙකක් විනාශය වී ඇති අතර, එක් කතාමාලාවකට කතාංග 6 ක් ඇතුළත් වෙයි.
Red Eye පළමු කතා මාලාව ITV1 සහ ITVX නාළිකා හරහා 2024 අප්‍රේල් 21 වැනිදා විකාශය ඇරැඹූ අතර, දෙවැනි කතාමාලාව විකාශය ඇරැඹුවේ 2026 ජනවාරි පළමු වැනිදාය. Red Eye දෙවැනි කතා මාලාව ක්‍රිම්සන් ඉකරස් Red Eye: Crimson Icarus ලෙස නම් කර ඇත.

රෙඩ් අයි කතාමාලාවට පාදක වන්නේ ලන්ඩන් පොලිස් රහස් පරීක්ෂකවරියක වන බ්‍රිතාන්‍ය චීන සම්භවයක් ඇති හැනා ලී ඇගේ මාධ්‍යවේදිනියක වන සොහොයුරිය ජෙසී ලී සහ බ්‍රිතාන්‍යයේ තෙම්ස් හවුස් MI5 බුද්ධි අංශ ප්‍රධානී මැඩලින් සහ එම බුද්ධි අංශයේ නිලධාරීන්ගේ වික්‍රමයන්ය.
හැනා ලීගේ චරිතයට පණ දෙන්නේ නිළි ජින්ග් ලූසීය. මැඩලීන් ලෙස ප්‍රවීණ නිළි ලෙස්ලි ෂාර්ප් ද රංඟනයෙන් දායක වෙයි. ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ බ්‍රිතාන්‍ය නළු රිචඩ් ආමිටේජ් රංගනයෙන් දායක වෙයි.

ජින් ලූසී වඩාත්ම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ Stan Lee's Lucky Man (2016), Crazy Rich Asians (2018) චිත්‍රපටය සහ 2020 වසරේ විකාශය වූ Gangs of London යන ටෙලි කතා මාලාවේ ඇය නිරූපණය කළ චරිත නිසාවෙනි. BBC නාලිකාවේ වාර්තා වැඩසටහන් වන My Chinese New Year (2015) සහ Chinese New Year: The Biggest Celebration on Earth (2016) යන වැඩසටහන් සඳහා ඉදිරිපත් කළේ ඇයයි.
රෙඩ් අයි පළමු කතාමාලාවට පාදක වන්නේ ලන්ඩනයේ සිට බීජිං දක්වා පියාසර කරන රාත්‍රී ගුවන් ගමනක් (All-night flight) වටා ය.

මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය වෛද්‍යවරයකු වන මැට් (රිචඩ් ආමිටේජ්) චීන රජයේ බලකිරීමෙන් චීනයට රැගෙන යෑම සිදුවෙයි. එය බාර වන්නේ රහස් පරීක්ෂක හැනා ලීටය.
ගුවන් යානය තුළ මැට්ගේ හිතවතුන් එකිනෙකා මරා දැමීම සිදුවෙයි. මිනීමරුවා කවුරුදැයි සොයා ගැනීම සහ දේශපාලන කුමන්ත්‍රණයක සුලමුල අනාවරණය වීම අවසානයේ සිදුවෙයි.

රෙඩ් අයි දෙවැනි කතාමාලාවට පාදක වන්නේ බ්‍රිතාන්‍ය හමුදා ගුවන් යානයක් කඩා වැටීම සහ ඉන් මාස කීපයකට පසු ලන්ඩන් නුවර ඇමෙරිකන් තානාපති කාර්යාලයේ සිදුවන මිනීමැරුම් සහ ඊට සම්බන්ධ සිදුවීම් මාලාවය.
රෙඩ් අයි පළමු කතා මාලාව මෙන්ම, දෙවැන්න ද දේශපාලන කුමන්ත්‍රණයක් පිරුණු අවසානය වනතුරුම සිදුවන්නේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකි කතාමාලාවකි.
රෙඩ් අයි පළමු කතා මාලාවට වඩා රෙඩ් අයි දෙවැනි කතා මාලාව Red Eye: Crimson Icarus ත්‍රාසය පිරුණු එකක් බව කිව යුතුය. පළමු කතාමාලාවේ ප්‍රධාන චරිතයක් බවට පත් වුණු රිචඩ් ආමිටේජ් ද මෙම දෙවැනි කතාමාලාවෙන් ද දකින්න ලැබීම විශේෂත්වයකි.
ලුසිත ජයමාන්න