Three-Body කාලාග්නි වෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 7, 2026

Three-Body කාලාග්නි වෙයි

Game of Thrones නිර්මාණකරුවන් අතින් හැඩගැන්වුණු නෙට්ෆ්ලික්ස් හරහා ජනප්‍රිය වූ 3 Body Problem විද්‍යා ප්‍රබන්ධ කතාමාලාව ගැන අටුවා ටීකා අවශ්‍ය නොවෙයි. එය ගැඹුරු විද්‍යා පදනමක් ඇති, කුතුහලය දනවන‍ අපූරු විද්‍යා ප්‍රබන්ධ කතාමාලාවකි. 

මෙය, 2008 දී චීන විද්‍යා ප්‍රබන්ධකරුවකු වන ලියු සික්සින්ගේ අතිශය ජනප්‍රිය වූ විද්‍යා ප්‍රබන්ධය ඇසුරින් නිර්මාණය කරන ලද්දකි. ලියු සික්සින්ගේ විද්‍යා ප්‍රබන්ධය කොටස් තුනකි. 

3 Body Problem ලොව පුරා නෙට්ෆ්ලික්ස් හරහා ප්‍රසිද්ධ වීමට පෙර, 3 Body යන නමින්, ලියු සික්සින්ගේ විද්‍යා ප්‍රබන්ධ ත්‍රිත්වය ඇසුරින් චීන විද්‍යා ප්‍රබන්ධ ටෙලි කතා මාලාවක් නිර්මාණය වූ බව ඔබ දැන සිටියාද?  ඒ, 3 Body ය. 
3 Body දැන් කාලාග්නි යනුවෙන් සිංහලෙන් හඬකවා ඔබ හමුවට පැමිණෙයි. ඒ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ, හඬ කැවීම් ඒකකය සාඩම්බර ඉදිරිපත් කිරීමක් ලෙසය.

කාලාග්නි නිපැයුම් මෙහෙයුම - වජිරකුමාරි විතානගේ 
හඬ කැවීම් නිපැයුම සහ අදියුරුවම - පුෂ්පිත පීරිස් 
හඬ පටිගත කිරීම හා මුසුව - ජීවන් ක්‍රිශාන්ත 
තේමා අක්ෂර සහ සජීවීකරණය - හසිත හේරත් 
නාමාවලිය සහ ග්‍රාෆික සජීවීකරණය - ප්‍රසන්න සිල්වා, නවංජනා වඩුගේ 
දෙබස් පිටපත - ජයසංඛ කරුණාරත්න 
උපසිරැසි ගැන්වීම - හෂාරි කරුණාරත්න 
ගී ගායනය - රවී රොයිස්ටර් 
කාලග්නි තේමා ගී පද - බුද්ධි සංදීප 
කාලග්නි තේමා ගී තනුව හා සංගීතය - චතුම් දුලාර 

කාලාග්නි සදහා ජනප්‍රිය හඬ නළු නිළි කැලක් එක් වී සිටිති. සේනානි වික්‍රමසිංහ, කසුනි කාවින්දි, චන්දන ඉරුගල්බණ්ඩාර, අනුර ජයන්ත,  කමල් දේශප්‍රිය,  අරුන් ඩයස් බණ්ඩාරනායක, රසාදරී පීරිස්, චතුරිකා අල්විස්,  නිරෝෂ් ලක්ෂාන්,  ඉන්දික ජයසිංහ, තිලාන් වර්ණජිත් ඒ අතරින් නැපී පෙනෙයි.
කොටස් 30 කින් සමන්විත Three-Body හෙවත් කාලග්නි, ලියු සික්සින්ගේ නවකතාවට බෙහෙවින් සමානය. විද්‍යාත්මක සිද්ධාන්ත සහ දාර්ශනික කරුණු ඉතා පැහැදිලිව සහ සවිස්තරව විග්‍රහ කෙරේ. චීන සංස්කෘතික විප්ලවය සහ විද්‍යාඥයන් මුහුණ දෙන අභ්‍යන්තර අරගල ඉතා තාත්වික ලෙස Three-Body හෙවත් කාලාග්නි කතා මාලාවෙන් දකින්න ලැබේ. 

෴ ලුසිත ජයමාන්න

Classified_Ad